බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරග 3 ක් ඉන්දියාවේදී පැවැත්වීම සදහා ඇෆ්ගනිස්ථානය සත්කාරකත්වය දැරීමට තීරණය කළ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා පැවැසීය.
2015 වසරේ සිට පුහුණු මධ්‍යස්ථානය ලෙස ඉන්දියාව යොදාගත් ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම, උතුරු ඉන්දියාවේ නගරයක් වන දෙහ්රාදූන් හිදී ජූනී මස 3, 5 සහ 7 යන දිනයන් වල තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
“ජූනි මස ආරම්භයේ දෙහ්රාදූන්හිදී බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලියක සත්කාරකත්වය දැරීම ගැන ඉමහත් සතුටට පත්වන බවත් තරගකාරී ලෙස ක්‍රීඩාවේ යෙදීම සදහා කණ්ඩායම දෙකටම මෙය හොඳ අවස්ථාවක් බවත්” ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති අතීෆ් මාෂල් මහතා වැඩි දුරටත් පැවසීය.
තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු මේ වනවිට ඉන්දියාවේ පුහුණු කඳවුරුකදී සිදුවන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ශෆීක් ස්ටැනික්සායී මහතා පැවසීය.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් කරනු ලබන ශ්‍රේණිගත කිරීම් වලට මෙම තරගාවලියේදී ලබාගන්නා ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙකට වැදගත් බවත් 2020 දී පැවැත්වීමට නියමින විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පෙරමුණ ගැනීමට හැකි බවත්” ස්ටැනික්සායී මහතා වැඩිදුරටත් පැවසීය.
බොහෝ තරගකාරී තරගාවලියක් බලාපොරොත්තුවෙන් සිටින බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිසාම් උද්දීන් චෞද්‍රි මහතා පැවසීය.
“මේ තරග රටාවට උචිත ක්‍රිඩකයින් කිහිපදෙනෙකු ඇෆ්ගනිස්ථානය සතුව ඇති බවත් ඔවුන් දෙහ්රාදූන්හී වාතාවරණයට හුරුවී සිටීම අපිට වැඩි වාසියක් බවත්” ඔහු වැඩි දුරටත් පැවසීය.
පසුගිය වසරේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමිකරගත් ඇෆ්ගනිස්ථානය, ශ්‍රේණිගත කිරීම්හී ඉහළින්ම සිටින ඉන්දියාව අතර ඵෙතිහාසික මංගල ටෙස්ට් තරගය ජූනී 14 වැනිදා බැංගලෝර්හිදී ආරම්භවීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.