ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (22) පැවැති තරගයෙන් බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 39 ක ජයක් ලැබීය.
බංග්ලාදේශය ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියදී තරගාවලිය 2-1 ක් බවට පත්විය.
ලකුණු 252 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 47.2 කදී ලකුණු 212 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දස්කම් දැක්වූ නායක චරිත් අසලංක පන්දු 102 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 83 ක් රැස්කිරීමට සමත් විය.
බංග්ලාදේශය ලකුණු 250 ක් දක්වා ගෙන එමින් හසන් සන්ටෝ (69) සහ ශකීර් හසන් (62) අර්ධ ශතක රැුස්කළහ.
බංග්ලාද්ශ යොවුන් නායක මෙහෙඩි හසන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
බංග්ලාදේශ වයස 19 න් පහළ පිල - ඕවර 50 යේදී කඩුලූ 6 ට 251
(ෂෙයික් හසන් 34, හසන් සන්ටෝ 69, හසන් මිරාෆ් 37, ශකීර් හසන් 62, චරිත් අසලංක 33/2)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල - ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 212
(චරිත් අසලංක 83, විෂාද් රන්දික 36, සමූ අෂාන් 20, වනිදු හසරංග 26, හසන් මිරාෂ් 36/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.