Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ යොවුන් ක‍්‍රිකට් පිල 16 දා එයි

බංග්ලාදේශ යොවුන් ක‍්‍රිකට් පිල 16 දා එයි

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බංග්ලාදේශ වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල එක්දින තරග පහකට සහ තුන්දින තරග දෙකකට සහභාගි වීම මේ මස 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම් අතර පළමු එක්දින තරගය මේ මස 18 වැනිදා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙපිල අතර පළමු තුන්දින තරග මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවැනි තුන්දින තරගය පෙබරවාරි මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


තරග කාලසටහන
ජන. 18 - පළමු එක්දින තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී
ජන. 20 - දෙවැනි එක්දින තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී
ජන. 22 - තෙවැනි එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
ජන. 24 - සිවුවැනි එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
ජන. 25 - පස්වැනි එක්දින තරගය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී
ජන. 28 සිට 30 - පළමු තුන්දින තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
පෙබ. 2 සිට 4 - දෙවැනි තුන්දින තරගය පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී


- 048


අදහස් (1)

බංග්ලාදේශ යොවුන් ක‍්‍රිකට් පිල 16 දා එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.