සංචාරක පාකිස්තානු පිල සහ පාකිස්තානු පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී අද (28) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 236 ක් රැස්කර සිටියේය.
දිනය අවසන් වන විට ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 19 ක් ලබා සිටියේය.
මොමිනුල් හක් දක්‍ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 168 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 80 ක් රැස් කිරීමට සමත් විය.
මොමිනුල් හක් (80) සහ මහුමුදුල්ලා (49) තෙවැනි කඩුල්ලට ලකුණු 95 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 89.5 කදී කඩුලූ 4 ට 236
(තමිම් ඉක්බාල් 25, ඉම්රුල් කායිස් 51, මොමිනුල් හක් 80, මහුමුදුල්ලා 49, ශකීබ් අල් හසන් නොදැවී 19)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.