Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය තරගාවලිය සම කරයි

බංග්ලාදේශය තරගාවලිය සම කරයි

ශනුක අරවින්ද - 2015 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (24) පැවැති සිවුවැනි තරගයෙන් බංග්ලාදේශ පිල ලකුණු 60 ක පහසු ජයක් ලැබීය.

බංග්ලාදේශ යොවුන් පිල ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග තරග 2-2 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත්විය.

ලකුණු 237 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 176 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. 

ශ‍්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් විෂාද් රන්දික පන්දු 72 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස් කිරීමට සමත් විය.

බංග්ලාදේශ වයස 19 න් පහළ පිල - ඕවර 50 යේදී කඩුලූ 9 ට 236 
(හොසේන් ශන්ටො 50, ශකීර් හසන් 50, ශහනුර් රහමන් 42, දුවිදු තිලකරත්න 44/3, අසිත ප‍්‍රනාන්දු 48/2, චරිත් අසලංක 41/2)
 
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල - ඕවර 46 කදී 176 
(අවිෂ්ක ප‍්‍රනාන්දු 37, මාලිංග අමරසිංහ 46, විෂාද් රන්දික 50, මෙහෙඩි හසන් 22/2, අබ්දුල් හලීම් 30/2) 

-048


අදහස් (0)

බංග්ලාදේශය තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.