සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර බංග්ලාදේශයේ ශෙයික් අබු නසීර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (6 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංගලාදේශ පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 201 ක් ලබා සිම්බාබ්වේ පිලට වඩා ලකුණු 266 ක් ඉදිරියෙන් සිටියේය.
තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි මහමදුල්ලා නොදැවී ලකුණු 63 ක් සහ ශුවගත හෝම් නොදැවී ලකුණු 23 ක් බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල සියලූ දෙනා දැවී ලකුණු 368 ක් රැස්කළේය. අද දිනයේදී තම ටෙස්ට් දිවියේ පළමු ශතකය රැස්කිරීමට රෙයිගිස් චකබ්වා සමත්වූ අතර ඔහුගේ ශතකයට හතරේ පහර 13 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල, සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 433 ක් ලබාගත් අතර තමීම් ඉක්බාල් (109) සහ ශකීබ් අල් හසන් (137) ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
බංග්ලාදේශ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 433
(තමීම් ඉක්බාල් 109, මොනමුල් හක් 35, මහමදුල්ලා 56, ශකීබ් අල් හසන් 137, තයිජුල් ඉස්ලාම් 32, ටිනාෂේ පන්යන්ගාරා 49/2, ටෙන්ඩායි චටාරා 61/2, මැල්කම් වෝලර් 65/2)
සිම්බාබ්වේ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 368
(බ්‍රයන් චැරී 25, හැමිල්ටන් මසකඞ්සා 158, බ්‍රෙන්ඩන් ටේලර් 37, කේ‍්‍රග් එර්වින් 17, රෙයිගිස් චකබ්වා 101, ශකීබ් අල් හසන් 80/5, තයිජුල් ඉස්ලාම් 96/3, රුබෙල් හුසෙන් 55/2)
බංග්ලාදේශ පිල - දෙවැනි ඉනිම කඩුලූ 5 ක් දැවී 201
(තමීම් ඉක්බාල් 20, ශම්සූර් රෙහෙමාන් 23, මොනමුල් හක් 54, මහමදුල්ලා නොදැවී 63, ශුවගත හෝම් නොදැවී 23, මැල්කම් වෝලර් 48/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.