Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෙර අර්ධ අවසන් පූර්ව වටය 15 දා සිට

පෙර අර්ධ අවසන් පූර්ව වටය 15 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ බාලිකා කි‍්‍රකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 16 ක් සුදුසුකම් ලබා සිටිති. පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළබෙන 15 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ පළමු වටය සඳහා පාසල් කණ්ඩායම් 26 ක් සහභාගී වූ අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 7 ක් යටතේ තරග වැදිණ.

නුගේගොඩ අනුලා විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, මහනුවර ශාන්ත අන්තෝනි කන්‍යාරාමය, ඔක්කම්පිටිය විජයබාහු මහ විදුහල, නුගවෙල මැදි විදුහල, බණ්ඩාරවෙල විශාකා විදුහල සහ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහල තමන් නියෝජනය කළ කාණ්ඩවල ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියේය.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නුගේගොඩ අනුලා විදුහල සමත් වූ අතර අනු ශූරතාව හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.


පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම්

නුගේගොඩ අනුලා විදුහල, කොළඹ ගෝතමී බාලිකා පාසල, රත්ගම දේවපතිරාජ විදුහල, පානදුර මහානාම විදුහල, මහනුවර ශාන්ත අන්තෝනි කන්‍යාරාමය, තෙල්දෙනිය ජාතික පාසල, රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මහ විදුහල, ඔක්කම්පිටිය විජයබාහු මහ විදුහල, ඇතිලිවැව මහ විදුහල, බුත්තල දුටුගැමුණු ජාතික පාසල, නුගවෙල මැදි විදුහල, පිංදෙණිය ජාතික පාසල,  බණ්ඩාරවෙල විශාකා විදුහල, නුවර එලිය යහපත් එඬේරාගේ කන්‍යාරාමය, එප්පාවල ශ්‍රී සිද්දාර්ථ මහ විදුහල සහ කුලියාපිටිය සුරදුතියන්ගේ කන්‍යාරාමය

 


අදහස් (0)

පෙර අර්ධ අවසන් පූර්ව වටය 15 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.