Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පුහුණු තරගය අතර මැදදී නවතයි

පුහුණු තරගය අතර මැදදී නවතයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අයර්ලන්ත ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (01) ආරම්භ වූ දෙදින පුහුණු තරගයේ පළමු දිනයේ ඕවර 45 ක් ඉතිරිව තිබියදී තරගය අත්හිටුවීමට සිදුවිය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ‘ඒ’ පිල ඕවර 53 කදී ලකුණු 159 කට සියලු දෙනා දැවී යෑමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දු යැවීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තත්ත්වය උදාවූ බව වාර්තා වේ.

තරගය ආරම්භ වී ඇත්තේ දිනයක් තුළදී ඕවර 100 ක් යැවීමේ කොන්දේසිය මතය. ඒ අනුව අයර්ලන්ත පිල ඊයේ දිනයේ ඕවර 100 පන්දුවට පහර දෙන ලෙස ඉල්ලා ඇතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. තරගයේ දෙවැනි දිනය වන අද (02) ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදීම ආරම්භ කිරීමට නියමිතය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රිකට් අංශයේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මෙම තරගය පුහුණු තරගයක් වීම නිසා රටවල් දෙකේ සුහදතාව පවත්වා ගැනීමට තරගය අත්හිටුවීමට සිදුවූ බවයි.
 

 


අදහස් (0)

පුහුණු තරගය අතර මැදදී නවතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.