Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පුහුණුකරු තනතුරෙන් වාස් සමුගනී

පුහුණුකරු තනතුරෙන් වාස් සමුගනී

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (30 දා) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා වෙත භාර දී තිබේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනයකින් කියැවෙන්නේ වාස්ගේ කොන්ත‍්‍රාත් කාලය අදින් (30 වැනිදා) නිමා වන බැවින් දෙපාර්ශ්වයේම එකගතාව මත වාස්ගේ සේවය දීර්ඝ නොකළ බවයි.

පසුගිය 2013 වසරේ මැයි මාසයේ සිට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස්ගේ ඉවත් වීමෙන් පසුව වෙනත් වේග පන්දු පුහුණුකරුවකු පිළිබව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111 කට සහභාගි වී කඩුලූ 355 ක්ද බිද දමා ඇති චමින්ද වාස් එක්දින තරග 322 කදී කඩුලූ 400 ක් බිද දමා තිබේ.

 


අදහස් (1)

පුහුණුකරු තනතුරෙන් වාස් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.