Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවෝ ලක්නව් පිල දිනවති
අයි.පී.එල්. - 2025

පිතිකරුවෝ ලක්නව් පිල දිනවති

editorial - 2025 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 64 වැනි තරගය ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 33 ක ජයක් ලැබීමට ලක්නව් කණ්ඩායම සමත් විය. 

මේ වන විටත් තරගාවලියෙන් ඉවට විසිවී ඇති ලක්නව් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 6 වැනි ජයග්‍රහණය මෙය වූ අතර ගුජරාට් කණ්ඩායම එහිදී ලැබූ සිවුවැනි පරාජයද මෙය විය. ගුජරාට් කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා සිටින බැවින් මෙම තරගයේදී ලැබූ පරාජයෙන් ඔවුන්ට කිසිදු බලපෑමක් සිදු නොවීය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්යක් හඹාගිය ගිය ගුජරාට් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202 ක් පමණි. ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශාරුඛ් ඛාන් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 57 ක් රැස්කිරීමට සමත් විය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ විලියම් ඕ’රොකී සිය ඕවර 4 ලකුණු 27 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර ගුජරාට් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අයුෂ් බදෝනි සහ අවේෂ් ඛාන් කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 235 ක් ලබාගත් අතර එහිදී අගනා ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු මිචෙල් මාෂ් (117) සමත් විය. පන්දු 64 කදී වාර්තා වූ මාෂ්ගේ ශතකය හයේ පහර 8 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. 

නිකලස් පූර්න් (නොදැවී 56) සමග එක්ව ලක්නව් කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 121 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද මාෂ් සමත් විය. එහිදී පන්දු 27 කට මුහුණදුන් පූරන් හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය. 


ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 235 
(ඒඩ්න් මාක්‍රම් 36, මිචෙල් මාෂ් 117, නිකලස් පූර්න් නොදැවී 56, රිෂාබ් පාන්ට් නොදැවී 16) 

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 202 
(සායි සුදර්ශන් 21, ශුබ්මන් ගිල් 35, ජොස් බට්ලර් 33, ශර්ෆේන් රදර්ෆර්ඩ් 38, ශාරුඛ් ඛාන් 57, විලියම් ඕ’රොකී 27/3, අයුෂ් බදෝනි 04/2, අවේෂ් ඛාන් 51/2) 

 


 

-036


අදහස් (0)

පිතිකරුවෝ ලක්නව් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.