Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොළඹ ස්ටාර්ස් කණ්ඩායම සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේ කොළඹ කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ඉනිමේ අවසන් පන්දුවේදී ඉලක්කය පසුකර ගියහ. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ රවී බොපාරා, පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 3 ක්ව තිබියදී කොළඹ ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත් කිරීමට නුවන් තුෂාර සමත් වුවද, චරිත් අසලංක (46) සමග එක්වූ දිනේෂ් චන්දිමාල් (63) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.
මෙවර තරගාවලියේදී පළමු වරට කොළඹ ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි චන්දිමාල්, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 33 කදී ලබාගත් අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී යන විට පන්දු 38 කට මුහුණුදී සිටි අසලංකගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල ගැල්ඩියේටර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 49 කින් ලකුණු 72 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි මෙන්ඩිස්, ඉනිමේ කොඳුනාරටිය බවට පත්වෙමින් අවසන් ඕවරයේ පස්වැනි පන්දුව දක්වාම පිටියේ රැදී සිටියේය.
තනුක දාබරේ (51) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැග මෙන්ඩිස්, ඉන් නොනැවතී ළහිරු උදාර (24) සමග එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 28 කදී ලකුණු 49 ක්ද, අසාද් ශෆීක් (58) සමග එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 47 කදී ලකුණු 88 ක්ද එක් කරමින් ගාල්ල ඉනිම ගොඩනැගුවේය.
ගාල්ල ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව ආසන්නයටම ගෙන යෑම සඳහා මෙන්ඩිස්ට අනගි සහායක් දුන් ශෆීක්, පන්දු 33 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහරකින් සැරසුවේය. පන්දු 22 කදී වාර්තා වූ දාබරේගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 14 කදී වාර්තා වූ උදාරගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින්ද සමන්විත විය.
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 193
(තනුක දාබරේ 33, කුසල් මෙන්ඩිස් 72, ළහිරු උදාර 24, අසාද් ශෆීක් 58, නවීන් උල්හක් 33/2)
කොළඹ ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 197
(දිනේෂ් චන්දිමාල් 63, චරිත් අසලංක 46, බෙනී හොවෙල් 22, රවී බොපාරා නොදැවී 31, සීක්කුගේ ප්‍රසන්න 14, නුවන් තුෂාර 29/3, අන්වර් අලී 44/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.