ටෙස්ට් වරම් ලැබීමට පෙර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කළ කි‍්‍රකට් කී‍්‍රඩකයන් කිහිප දෙනකුම ආර්ථික දුෂ්කරතාවයන්ට ලක්ව සිටින හෙයින් එවන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 14 දෙනකුට රුපියල් ලක්‍ෂ 3 බැගින් පිරිනැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වර්තමාන තත්ත්වය දක්වා ගෙන ඒමේ අඩිතාලම දැමූ, මේ වන විට සිය ජීවන ගමනේ සැඳෑ සමය ගතකරන මෙම ක‍්‍රීඩකයන්ගේ සේවය ඇගයීමක් වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව මෙම තීරණයට එළඹ තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීම ඊයේ (22) ක‍්‍රිකට් මූලස්ථානයේ පැවැත්විණි.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ක‍්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙර ක‍්‍රීඩා කළ ඇතැම්
ක‍්‍රීඩකයන් මේ වන විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වාගැනීම සඳහා අවශ්‍ය ඖෂධ සඳහාවත් මුදල් නොමැති තත්ත්වයන්ට මුහුණ පා සිටින බවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ඔවුන් කළ සේවය ඇගයීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත්ය.
”1996 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ක‍්‍රිකට් ආයතනයට මුදල් පැමිණීමෙන් පසුව තමයි ක‍්‍රීඩකයන්ට මුදල් ලැබෙන්න පටන් ගත්තේ. ඊට පෙර ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන්ට විශාල මුදලක් ලැබුණේ නෑ”
”ඒ කාළේ ක‍්‍රීඩා කරපු ක‍්‍රීඩකයන් රැසක් මේ වන විට මුදල් පැත්තෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා’’ යැයි විධායක කමිටු සාමාජිකයා වැඩි දුරටත් පැවසීය.
මේ අතර පුහුණුකරුට සහ සෙසු කාර්ය මණ්ලයට ගෙවීම සඳහා පළමු පෙළ ක‍්‍රීඩා සමාජයකට රුපියල් 150,000 බැගින්ද, නැගීඑන කණ්ඩායම් තරගාවලියේ ක‍්‍රීඩා සමාජයකට රුපියල් 100,000 බැගින් මාසික දීමනාවක් ගෙවීමදට තීරණය වී ඇති අතර දේශිය තරගවල විනිසුරුවන්ගේ සහ තරග තීරකවරුන්ගේ ගෙවීම්ද 20% කින් වැඩි කිරීමට ද විධායක කමිටුව තීරණය කර තිබේ.
ක‍්‍රිකට් විධායක කමිටුව සම්මත කළ යෝජනා
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.