Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය තෝරාගන්නා ලද පාසල් කිහිපයකට කි‍්‍රකට් පන්දු සහ ලණු පැදුරු බෙදාදීමේ උත්සවයක් කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (5 වැනිදා) පැවැත්විණි.
පාසල් 35 කට ලණු පැදුරු බෙදාදුන් අතර වයස 19 න් පහළ I කාණ්ඩයේ සහ II කාණ්ඩයේ කී‍්‍රඩා කරන පාසල් 178 කට කි‍්‍රකට් පන්දු 4000 ක් බෙදාදෙන ලදි.
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා, ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, එම ආයතනයේ මෙහෙයුම් ප‍්‍රධානී කාල්ටන් බර්නාඩස් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම ක්‍රිකට් උපකරණ සහ ලණු පැදුරු බෙදා දීම සදහා පාසල් තෝරාගන්නා ලද්දේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසිනි. එහිදී මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයත් ඊට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් රැසකම ක්‍රිකට් තරග මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවිනි.
පාසල් ක්‍රිකට් තරග සදහා රුපියල් 500 ක් වැනි සහන මිලකට මහර බන්ධනාගාර ක්‍රීඩාංගණය දෙන බවත් පාසල් ක්‍රිකට් සංගමය කියයි.
කුරුදුවත්ත රාජකීය විද්‍යාලය යනු නාවලපිටිය ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන පාසලකි.
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය, කී‍්‍රඩා අමාත්‍යංශය සමග එක්ව මෙය සංවිධානය කළේය.
කි‍්‍රකට් ලණු පැදුරු බෙදාදෙන ලද පාසල් සහ ක්‍රීඩාංගණ
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.