ගාල්ල ලීඞ්ස් ජාත්‍යන්තර පාසල සහ පානදුර ලීඞ්ස් ජාත්‍යන්තර පාසල අතර බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගැනීමට පානදුර ලීඞ්ස් ජාත්‍යන්තර පාසල අද (1 වැනිදා) සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල ලීඞ්ස් ජාත්‍යන්තර පාසලට ඕවර 32.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 150 ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සජාන් ප්‍රියමධූ ලකුණු 43 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ජනිතු ගලප්පත්ති ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සදහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය පානදුර ලීඞ්ස් ජාත්‍යන්තර පාසල ඕවර 26.5 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
ලකුණු 40 ක් රැස්කළ ජනිතු ගලප්පත්ති පානදුර ලීඞ්ස් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින් සිය පාසල ජයග්‍රහණය කරා රැගෙන යාමට දායකවිය. කිනුර ඩයස් ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ගාල්ල ලීඩ්ස් - ඕවර 32.3 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(අර්ජුන ප්‍රභාත් 38, කවීන් රුවන්පුර 22, සජාන් ප්‍රියමධූ 43/5, ජනිතු ගලප්පත්ති 17/2)
පානදුර ලීඩ්ස් - ඕවර 26.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 152
(සෙනුෂ්ක ප්‍රනාන්දු 25, ජනිතු ගලප්පත්ති 40, සජාන් ප්‍රියමධූ නොදැවී 24, උමේෂ් ද සොයිසා 20, කිනුර ඩයස් 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.