(පානදුර සුමිත් පොතුපිටිය)
පානදුර රාජකීය විද්‍යාලය සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය අතර විසි හත්වැනි වරටත් පවත්වනු ලබන "හරිත සටන" මහා ක්‍රිකට් තරගය අප්‍රේල් 3 සහ 4 දිනයන්හි මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. අප්‍රේල් 3 සහ 4 දෙදින තරගය පැවැත්වෙන අතර අප්‍රේල් 5 වැනිදා සීමිත ඕවර තරගය පැවැත්වෙයි.
මෙතෙක් පැවති තරග අතුරින් ශාන්ත ජෝන් විද්‍යාලය තරග 9 ක් ජයගෙන ඇති අතර පානදුර රාජකීය විද්‍යාලයද තරග 8 ක් ජයග්‍රහණය කර තිබේ.
පානදුර රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි චාමර සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළේය.
ශාන්ත ජෝන් විද්‍යාලයෙන් පැමිණි රවීන්ද්‍ර පුෂ්පකුමාර 1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ශාන්ත ජෝන් විද්යලයේම තවත් ක්‍රීඩකයකු වූ චරිත බුද්ධික ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
මෙවර මහ තරගයේදී පානදුර රාජකීය විද්‍යාලයේ නායකයා ලෙස සදෙව් විජේරත්න කටයුතු කරන අතර, සාන්ත ජෝන් විද්‍යාලයේ නායකත්වය දරන්නේ මධූෂ මෙන්ඩිස් ය.
ද පැවැත්වෙන අතර පානදුර රාජකීය විද්‍යාලයේ විදුහල්පතිනි පී.ඩී.ජේ.ගුණතිලක මහත්මියගේ සහ සාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිනී ඒ.වයි.පී.පෙරේරා මහත්මියගේ උපදෙස් මත මෙම තරගය සංවිධානය කෙරේ.

පානදුර රාජකීය විද්‍යාලයීය කණ්ඩායම -
පළමු පෙළ (වමේ සිට දකුණට)
සත්සර නිලන්ජිත් , ලසිරු සඳකැන් , සදෙව් විජේරත්න (නායක) ජී.ඒ.ඒ.දේශප්‍රිය (ක්‍රීඩා භාර ආචාර්ය ) පී.ඩී.ජේ.ගුණතිලක (විදුහල්පතිනිය) , ඒ.වී.පී.කේ.සිල්වා (සහකාර විදුහල්පති) , ඩබ්.චතුරංග සිල්වා ( ප්‍රධාන පුහුණුකරු) චලන දිනෙත් (උප නායක) එනුක අනුදත්
දෙවන පෙළ (වමේ සිට දකුණට)
තිසජ නෙත්මිණ , ඩෙවින් සංදීප, උදාර ධනංජය, ඉසල පෙරේරා, කවිඳු සිතුමින්, යෙසරා ද සිල්වා, හිරුජ සන්විඳු, දිනිදු රශ්මික, ඕෂන් ටමිෂ්, සෙනාෂ් මතිෂ, මනිෂ මිගාර, රවිෂ් මන්ද්‍යා, ශේම් අභිෂයි

පානදුර සාන්ත ජෝන් කණ්ඩායම
පළමු පෙළ (වමේ සිට දකුණට)
ඉසුර උදය කුමාර ( ප්‍රධාන පුහුණුකරු ) කුසල් ප්‍රනාන්දු , මධූෂ මෙන්ඩිස් ( නායක) මෙන්ඩිස් , දීපාල් ජයතිස්ස ( සහකාර විදුහල්පති ) ඒ.වයි.පී.පෙරේරා (විදුහල්පතිනිය ) නාමල් ලෙනෝරා (ක්‍රීඩා භාර ආචාර්ය) , තරිල් ලක්සඳ (උප නායක) , ආකාෂ් හිරුෂ , දිනුෂ්ක මධුශාන් ( සහය පුහුණුකරු ) චතුර පිරිස් (පුහුණු උපදේශක)
දෙවන පෙළ - විමුක්ති සොම්නාත් , අශේන් ශානුක , චෙනුක රෙහාන් , සදෙව් පෙරේරා , ගගන චාමික . දිශාන් සන්තුජ , තුශාරක තෙවිරු , නවම් දිසානායක , භානුක ආදිත්‍ය , සනිතු යුනාත් , තවිෂ රාජපක්ෂ , විදත් රවිඳු , පාමොක් මෙත්දිනු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.