Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය ලකුණු 205 ක් ඉදිරියෙන්

පාකිස්තානය ලකුණු 205 ක් ඉදිරියෙන්

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (30) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 537 ක් රැස්කර සිටියේය.

පාකිස්තානය මේ වන විට කඩුලූ 5 ක් අතැතිව ලකුණු 205 ක් ඉදිරියෙන් සිටියි.  

දිනය අවසන් වන විට ආසාද් ශාෆික් (නොදැවී 51) සහ සෆ්රාෂ් අහ්මඞ් (නොදැවී 51) පන්දුවට පහර දෙමින් සිටියහ.

මොහොමඞ් හෆීෂ් පන්දු 332 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 224 ක් රැස්කළ අතර මෙය හෆීෂ්ගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වේ.

බංග්ලාදේශය පළමු ඉනිම - ඕවර 120 කදී සියලූ දෙනා දැවී 332
(තමිම් ඉක්බාල් 25, ඉම්රුල් කායිස් 51, මොමිනුල් හක් 80, මහුමුදුල්ලා 49, ශකීබ් අල් හසන් 25, මුෂ්ෆිකුර් රහීම් 32, සෞම්‍ය සර්කර් 33, වහබ් රියාස් 55/3, මොහොමඞ් හෆීෂ් 47/2, ෂුල්ෆිකාර් බාබාරා 99/2, යසීර් ෂා 86/3)

පාකිස්තානය පළමු ඉනිම - ඕවර 148 කදී කඩුලූ 5 ට 537
(මොහොමඞ් හෆීෂ් 224, සමි අස්ලාම් 20, අෂාර් අලී 83, යුනිස් ඛාන් 33, මිස්බා උල් හක් 59, ආසාද් ශාෆික් නොදැවී 51, සෆ්රාෂ් අහ්මඞ් නොදැවි 51, තයිජුල් ඉස්ලාම් 116/3, ෂුවගාට හොම් 112/2)

-048

 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 205 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.