Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානයට දැවැන්ත ජයක්

පාකිස්තානයට දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (2 වැනිදා) කේප් ටවුන්හි වයි. එම්. සී. ඒ.  කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 224 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 419 ක ඉලක්කයක් හඹාගිය ශ‍්‍රී ලංකා පිලට  ඕවර 34 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 194 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දිනේෂ් මතුගම ලකුණු 57 ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 29 කට කඩුලූ 3 ක් දවාගැනීමට ෂෙශාන් අබ්බාසි සමත්වූ අතර ඉස්රර් හසන් සහ හරූන් ඛාන් කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල නියමිත  ඕවර 40 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 418 ක් රැස්කළේය.

පාකිස්තාන පිල වෙනුවෙන් ශතක රැුස්කළ හරූන් ඛාන් (180) සහ මොහොමඞ් අක‍්‍රම් (114), තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පාකිස්තානය -  ඕවර 40 කදී කඩුලූ 4 ක් දැවී 418
(හරූන් ඛාන් 180, අමීර් ඉශ්ෆාක් 18, අනීස් ජාවිද් 72, මොහොමඞ් අක‍්‍රම් 114)
 
ශ්‍රී ලංකාව -  ඕවර 34 කදී සියලූ දෙනා දැවී 194
(චන්දන දේශපි‍්‍රය 24, දිනේෂ් මතුගම 57, දිමිතු රවින්ද්‍ර 16, රුවන් කරුණාතිලක 33, සෙශාන් අබ්බාසි 29/3, ඉස්රර් හසන් 32/2, හරූන් ඛාන් 34/2)

-036

 


අදහස් (0)

පාකිස්තානයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.