Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු ද්විත්ව ශතකය සුධීරගෙන්

පළමු ද්විත්ව ශතකය සුධීරගෙන්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී අම්බලන්ගොඩ දේවානන්ද විදුහලට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විදුහලේ සුධීර වීරරත්න (නොදැවී 214) සමත් විය.

මෙවර වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී වාර්තා වූ පළමු ද්විත්ව ශතකය මෙය වන අතර පන්දු 139 කදී වාර්තා වූ සුධීරගේ ද්විත්ව ශතකය හයේ පහර 9 කින් සහ හතරේ පහර 23 කින් සමන්විත විය.

ජීවක ශෂීන (70) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 214 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සුධීර සමත් වූ අතර කරන්දෙණියේදී පැවැති මෙම තරගයෙන් දේවපතිරාජ විදුහලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.


දේවානන්ද විදුහල පළමු ඉනිම - ඕවර 59.5 කදී සියලු දෙනා දැවී 158
(පසිඳු ධනංජය 47, කවීෂ කල්පන 41, දිල්ෂාන් සන්දේෂ් 23, පවන් සන්දේෂ් 23/5, ජීවක ශෂීන 28/3, සුධීර වීරරත්න 44/2)

දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී 377
(සුධීර වීරරත්න නොදැවී 214, ජීවක ශෂීන 70, පවන් සන්දේෂ් 47, පසිඳු ධනංජය 97/3)

 


අදහස් (0)

පළමු ද්විත්ව ශතකය සුධීරගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.