(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව සඳහා වන දෙවැනි සතියේ තරග අනිද්දා (30 වැනිදා) සිට පෙබරවාරි 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
එහිදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව පානදුර පිල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත්, කුරුණෑගල යොවුන් පිලට එරෙහිව නුගේගොඩ පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත්, බදුරලිය පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිල කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදීත් තරග වදිනු ඇත.
මේ වන විට පළඟ ශූරතාව සඳහා වන ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 32.39 ක් ලබා සිටින නුගේගොඩ කණ්ඩායම සමත්ව සිටියි. කුරුණෑගල යොවුන් කණ්ඩායම ලකුණු 26.805 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, පානදුර කණ්ඩායම ලකුණු 26.34 ක් ලබා තෙවැනි ස්ථානයේද පසුවේ.
බදුරලිය කණ්ඩායම ලකුණු 24.37 ක් සමග සිවුවැනි ස්ථානයටත්, ද්‍රවිඩ සංගම් කණ්ඩායම ලකුණු 18.77 ක් සමග පස්වැනි ස්ථානයටත්, හලාවත මේරියන්ස් කණ්ඩායම ලකුණු 18.625 ක් සමග හයවැනි ස්ථානයටත් පත්ව සිටියි.
පළමු සතියේ තරගවලදී නුගේගොඩ කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට බදුරලිය කණ්ඩායම සමත් වූ අතර කුරුණෑගල කණ්ඩායමට එරෙහිව පානදුර කණ්ඩායමත්, ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිව හලාවත මේරියන්ස් කණ්ඩායමත් මුල් ඉනිමේ ජයග්‍රහණ ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.