Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් කාන්තා විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දඹුල්ල කණ්ඩායම අද (28 වැනිදා) සමත්විය. එස්.එස්.සී. ක්රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු මෙහිදී ජයක් හිමිකරගත් දඹුල්ල කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය.
කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 98 ක් පමණි. පන්දු 21 කදී ලකුණු 23 ක් ලබාගත් ඕෂධී රණසිංහ කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිණියවූවාය. අමා කාංචනා ලකුණු 19 ක් ලබාගැනීමට සමත්වූවාය.
පන්දුවෙන් දස්කම් දැක්වූ සුගන්දිකා කුමාරි සිය ඕවර 4 ලකුණු 13 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර හංසිමා කරුණාරත්න සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායම ඕවර 16.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
දක්ෂ පිතිහරඹයක නිරතවූ ශෂිකලා සිරිවර්ධන පන්දු 41 කදී නොදැවී ලකුණු 56 ක් ලබාගනිමින් දඹුල්ල කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට සමත්වූවාය. හංසිමා කරුණාරත්න ලකුණු 21 ක් ලබාගත්තාය.
සිය ඕවර 4 ලකුණු 13 කට නිමාකළ සඳුනි නිසංසලා කඩුලු 2 ක් දවාගනිමින් කොළඹ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.
දඹුල්ල කණ්ඩායමට ශූරතාව හිමිකර දෙමින් අවසන් තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වූ ශෂිකලා සිරිවර්ධන අවසන් තරගයේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානයද දිනාගැනීමට සමත්වූවාය. මහනුවර කණ්ඩායමේ හර්ෂිතා මාධවී තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය දිනාගන්නා විට තරගාවලියේ දක්ෂතම පිතිකාරිණියට හිමි සම්මානය හිමිවූයේ දඹුල්ල කණ්ඩායමේ හංසිමා කරුණාරත්නටය.
කොළඹ කණ්ඩායම - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී 98
(ඕෂධී රණසිංහ 23, සුගන්දිකා කුමාරී 13/3, හංසිමා කරුණාරත්න 18/2, ශෂිකලා සිරිවර්ධන 21/2)
දඹුල්ල කණ්ඩායම - ඕවර 16.2 කදී කඩුලු 3 ක් දැවී 99
(ශෂිකලා සිරිවර්ධන නොදැවී 56, හංසිමා කරුණාරත්න 21, සඳුනි නිසංසලා 13/2)
ශූරතාව දිනූ දඹුල්ල කණ්ඩායම
අනුශූරතාව හිමිකරගත් කොළඹ කණ්ඩායම
ඡායාරූප - ශ්රී ලංකා ක්රිකට් අනුග්රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.