Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පසිඳුගෙන් ද්විත්ව ශතකයක්

පසිඳුගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසලට එරෙහිව දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහලේ පසිඳු සඳරුවන් (නොදැවී 202) සමත් විය. මෙම තරගයෙන් නාලන්දා මැදි විදුහලට පළමු ඉනිමේ ජයක් හිමි විය.

පන්දු 173 කදී වාර්තා වූ පසිඳුගේ ද්විත්ව ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 26 කින් සමන්විත වූ අතර නඳුන් කල්හාර (නොදැවී 67) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 132කදී ලකුණු 185 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද පසිඳු සමත් විය.

රීජන්ට් ජාත්‍යන්තර පාසලේ පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගමී වූ චාරුක ජනිත් ලකුණු 9 කට කඩුලු 4 ක් දවාගත් අතර චානක සමීර ඉනිම් දෙකේදීම කඩුලු 3 බැගින් දවාගනිමින් දස්කම් දැක්වීය.


නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 48 කදී කඩුලු 2 ක් දැවී 346
(පසිඳු සඳරුවන් නොදැවී 202, නඳුන් කල්හාර නොදැවී 67, කාවින්ද දේෂාන් 38)  

රීජන්ට් ජාත්‍යන්තර පාසල පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 65
(සෙනාල් කාංචන 29, චාරුක ජනිත් 9/4, චානක සමීර 11/3, මහිඳු මලිත් 25/2)

රීජන්ට් ජාත්‍යන්තර පාසල දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 4 ක් දැවී 90
(මලිත් උපේක 26, ගීත්සර ජයරත්න නොදැවී 28, චානක සමීර 34/3)

 


අදහස් (0)

පසිඳුගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.