Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පසිදු - මලිත් රාජකීය ගෞරවය රැකගනිති

පසිදු - මලිත් රාජකීය ගෞරවය රැකගනිති

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසිදු සූරියබණ්ඩාර (නොදැවී 97) සහ මලිත් කාරියවසම් (78) හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 139 ක අනගි සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 137 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (11) පස්වරුවේ ක‍්‍රීඩාව අවසන් කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7  ක් දැවී ලකුණු 280 ක් රැුස්කර සිටියේය.


දෙවැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට රාජකීය විදුහල කඩුලූ 3 ක් අතැතිව තවත් ලකුණු 70 ක් පසු පසින් සිටියේය.  


රාජකීය විදුහල් පිල ලකුණු 122 කට කඩුලූ 5 ක් දැවී අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටියදී පසි`දු සූරියබණ්ඩාර සහ මලිත් කාරියවසම් හයවැනි කඩුල්ලට ලකුණු 139 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවය රැකගැනීමට සමත් වූහ.


පසි`දු සූරියබණ්ඩාර තුන්දින තරගයකට ගැලපෙන ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 281 කදී හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැුස්කිරීමට සමත්ව සිටියේය.


මලිත් කාරියවසම් පන්දු 140 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 78 ක් රැුස්කර සිටියදී හයවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය. මලිත් ආරම්භයේදී මන්දගාමී ඉනිමක් ක‍්‍රීඩා කළ ද පසුව වේගය වැඩි කරමින් මන්දගාමීවූ තරගයට ජවයක් ගෙන ඒම කැපී පෙනුණි.


සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම කඩුලූ 5 ක් දැවී ලකුණු 350 ක් ලබා සිටියදී අත්හිටුවීය.  


හෙට (12) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.


සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම  ඕවර 75 කදී කඩුලූ 5 ට 350
(යොහාන් මෙන්ඩිස් 64, රෂ්මික  ඕපාත 124, රවි`දු කොඩිතුවක්කු 35, යොහාන් පෙරේරා 38, සචිත ජයතිලක නොදැවී 50, රවි`දු තිලකරත්න නොදැවී 11)


රාජකීය විදුහල පළමු ඉනිම  ඕවර 105 කදී කඩුලූ 7 ක් දැවී 280
(නවීන් විදානපතිරණ 24, රොනුක ජයවර්ධන 25, පසි`දු සූරියබණ්ඩාර නොදැවී 97, ගීෂාද් පණ්ඩිතරත්න 26, මලිත් කාරියවසම් 78, යොහාන් පෙරේරා 39/3, හංසක ලියනාරච්චි 42/2)

ඡායාරූපය: ශාන්ත රත්නායක

 


අදහස් (0)

පසිදු - මලිත් රාජකීය ගෞරවය රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.