‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) පෙරළියක් කරමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් සමත්ව සිටියි.
ඉකුත් සතිය නිමාවන විට එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවූ යොහාන් මෙන්ඩිස්, මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 3218 ත් සමග සිය මුලූ ඡන්ද සංඛ්‍යාව 13905 ක් දක්වා වර්ධනය කරගනිමින් පළමු වරට ඡන්ද සටහනේ පෙරමුණට පැමණ තිබේ.
ඒ අනුව මෙතෙක් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස්ට, දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව තිබේ.
පවන්ගේ මුලූ ඡන්ද සංඛ්‍යාව 11964 ක් වන අතර මේ සතිය තුළදී ඔහුට අළුතින් ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 385 ක් පමණි. මේ වන විට ඔහු යොහාන් මෙන්ඩිස්ට වඩා ඡන්ද 1941 ක් පසුපසින් සිටියි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 7434 ක් වන අතර මේ සතිය තුළදී එකදු ඡන්දයක් හෝ ලබාගැනීමට ඔහු සමත් වී නැත.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවින් සේයර් පිළිවෙලින් ඡන්ද 1797 ක් සහ 514 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථානයන්හි රැදී සිටිති.
ඡන්ද 2561 ක් ලබාගනිමින් මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු, නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 104 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමිව තිබේ.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ජූනි මස 16 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අවසන් වරට කූපන්පත් පළවන්නේ ජූනි 12 වැනිදා පුවත්පත්වලය.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 13905 |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 11964 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 7434 |
| ලක්ෂිණ රුද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1797 |
| රවින් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 514 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 304 |
| කෙවින් පෙරේරා | මීගමුව මාරිස්ටෙලා විදුහල | 228 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 168 |
| ගීතාල් ප‍්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 161 |
| සචින්ද ගමාධිකාරි | මීගමුව මාරිස්ටෙලා විදුහල | 104 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප‍්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 2561 |
| දිල්ෂාන් මධුෂංක | පාදුක්ක සිරි පියරතන විදුහල | 104 |
| රියාස් රිස්වි | අකුරණ අසාර් විදුහල | 2 |
ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ
1 පිලින් පීරිස්, 51/3, නොරිස් කැනල් පාර, කොළඹ 10
2 එෆ්. අයි. ලෙනාඞ්, පියොනියර් ලංකා පුද්ගලික සමාගම, දිගන, මහනුවර
3 එස්. ඞී. එදිරිසිංහ, 18/5, පළමු වීදිය, මොල්ලිගොඩ, වාද්දුව
4 ශාමේන් ප‍්‍රනාන්දු, 308 ඒ, ජුබිලි මාවත, කටුනායක
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.