Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පවන් ඩයස් පෙරමුණ රැකගනී

පවන් ඩයස් පෙරමුණ රැකගනී

ශනුක අරවින්ද - 2016 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) පස්වැනි සතිය නිමාවන විට ඡන්ද 1979 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් සමත් විය. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 497 කි.

ඉකුත් සතියේදී ලබාගත් ඡන්ද 521 ත් සමග සිය මුලූ ඡන්ද සංඛ්‍යාව 935 දක්වා වර්ධනය කරගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට තෙවැනි ස්ථානයේ සිටි කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට සමත්වී ඇත.

ඒ අනුව පළමු සති හතර පුරා දෙවැනි ස්ථානයේ පසුවූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ තෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 162 ත් සමග මේ වන විට ලක්ෂිණ රොද්‍රිගූ ලබා සිටින මුලූ ඡන්ද සංඛ්‍යාව 776 කි.

මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රවීන් සේයර් සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ මල්ෂාන් රොද්‍රිගූ පිළිවෙලන් ඡන්ද 432 ක් සහ 303 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.

මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු ඡන්ද 325 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 75 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමි වී තිබේ. අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු මෙතෙක් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.     
 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා පාසල  ඡන්ද
පවන් ඩයස් පානදුර රාජකීය විදුහල 1979
ළහිරු තඹවිට කළුතර සිරිකුරුස විදුහල 935
ලක්ෂිණ රොද්‍රිගූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල 776
රවීන් සේයර් මහනුවර ති‍්‍රත්ව විදුහල 432
මල්ෂාන් රොද්‍රිගූ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  303
පසිඳු සූරියබණ්ඩාර කොළඹ රාජකීය විදුහල 168
රවිඳු කොඩිතුවක්කු ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 87
ගිෂාත් පණ්ඩිතරත්න කොළඹ රාජකීය විදුහල 77
හිමාෂ හෂේන් පන්නිපිටිය ධර්මපාල විදුහල 74
ගීතාල් ප‍්‍රනාන්දු   කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 60
චරණ නානායක්කාර කොළඹ තර්ස්ටන් විදුහල 59
යොහාන් මෙන්ඩිස් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  59
කමිඳු මෙන්ඩිස් ගාල්ල රිච්මන්ඞ් විදුහල 48
කවිඳු බණ්ඩාර කොළඹ නාලන්දා විදුහල 46
සමූ අශාන් කොළඹ ආනන්ද විදුහල 44
සචින්ද ගමාධිකාරි මීගමුව මාරිස්ටෙලා විදුහල 43
චරිත් අසලංක ගාල්ල රිච්මන්ඞ් විදුහල 39
නිපුන් සමරසිංහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 35
තුලින දිල්ෂාන් කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 28
කෙවින් පෙරේරා මීගමුව මාරිස්ටෙලා විදුහල   23
ලසිත් ඇඹුල්දෙණිය කොළඹ රාජකීය විදුහල 22

 

නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
මාධව ප‍්‍රනාන්දු   මෝදර ද ලාසාල් විදුහල 325
දිල්ෂාන් මධුෂංක පාදුක්ක සිරි පියරතන විදුහල 75

 

ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ

1 කි‍්‍රස්ටීන් ඉම්ච් 50/4, ගුණසිංහ උද්‍යානය, තැන්නේකුඹුර, මහනුවර
2 එන්. ඩබ්ලිව්. එල්. ඒ. ප‍්‍රනාන්දු, 217/12, ජයසිංහ පෙදෙස, හැඳල, වත්තල
3 ටෙරන්ස් ප‍්‍රනාන්දු, 84, උස්වත්ත වටරවුම් පාර, මොරටුව
4 නිලූක කුරේ, 17, දූව පන්සල පාර, කළුතර දකුණ

 

-036

 


අදහස් (0)

පවන් ඩයස් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.