Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පවන් ඩයස් තවමත් පෙරමුණේ

පවන් ඩයස් තවමත් පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) තෙවැනි සතිය නිමාවන විට ඡන්ද 844 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් සමත් විය. ඡන්ද 517 ක් ලබා පවන්ට වඩා ඡන්ද 327 ක් පසුපසින් සිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ එහි දෙවැනි ස්ථානයේ පසුවේ.

ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රවීන් සේයර් සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ මල්ෂාන් රොද්‍රිගූ පිළිවෙලන් ඡන්ද 390 ක් සහ 297 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිති.

මේ වන විට ඡන්ද 100 කට වඩා ලබා සිටින්නේ කළුතර සිරි කුරුස විදුහලේ ළහිරු තඹවිට (297) සහ කොළඹ රාජකීය විදුහලේ පසිඳු සූරියබණ්ඩාර (168) පමණි.

මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු ඡුන්ද 90 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු මෙතෙක් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
පවන් ඩයස්   පානදුර රාජකීය විදුහල 844
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  517
රවින් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල  390
මල්ෂාන් රොද්‍රිගූ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 297
ළහිරු තඹවිට  කළුතර සිරිකුරුස විදුහල  237
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල 168
රවිඳු කොඩිතුවක්කු  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 87
ගිෂාත් පණ්ඩිතරත්න  කොළඹ රාජකීය විදුහල 77
හිමාෂ හෂේන්  පන්නිපිටිය ධර්මපාල විදුහල  74
චරණ නානායක්කාර  මහනුවර තර්ස්ටන් විදුහල  53
කමිඳු මෙන්ඩිස්  ගාල්ල රිච්මන්ඞ් විදුහල  47
ගීතාල් ප‍්‍රනාන්දු  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 47
යොහාන් මෙන්ඩිස්  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 44
කවිඳු බණ්ඩාර  කොළඹ නාලන්දා විදුහල  43
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 39
නිපුන් සමරසිංහ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  35
සචින්ද ගමාධිකාරි මීගමුව මාරිස්ටෙලා විදුහල  29
තුලින දිල්ෂාන්  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 28
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  27
ලසිත් ඇඹුල්දෙණිය  කොළඹ රාජකීය විදුහල 22

 

නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
මාධව ප‍්‍රනාන්දු   මෝදර ද ලාසාල් විදුහල 90

 

ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ

1 චානුක ප‍්‍රනාන්දු, අංක. 62, පුෂ්පාරාම පාර, පොතුපිටිය, වාද්දුව
2 අංජලී පතිරණ, ‘පි‍්‍රයංකර’, ඇලපාත දකුණ, රන්තපුර
3 දේවින්ද්‍රි පීරිස්, නො. 7, සිල්වා මාවත, නාගොඩ, කඳාන
4 රොනල්ඞ් පෙරෙයිරා, නො. 6, පාර්ක් වීදිය, කොළඹ

-036


අදහස් (0)

පවන් ඩයස් තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.