ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩකයින්ට හා පුහුණුකරුවන්ට පන්දු රැකීමේ නවතම ශිල්ප ක‍්‍රම පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීම සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු රැකීමේ කී‍්‍රඩක හා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ජොන්ටි රෝඞ්ස් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ අවධානය යොමුව ඇත.
ඔහු දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. මේ සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ජොන්ටි රෝඞ්ස් සමග සාකච්ඡ කර ඇති අතර එහිදී ඔහුගෙන් ධනාත්මක පිළිතුරු ලැබී ඇත.
ඒ සඳහා වන ඉල්ලීම්ද ජොන්ටි ඉදිරිපත් කර ඇත. ලැබෙන තොරතුරු අනුව ඔහු ඉල්ලා ඇති වටිනාකම ඉතා ඉහළ වුවද සාපේක්ෂ වශයෙන් අඩු අගයකි.
අදාළ පුහුණු වැඩසටහන සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව ඔහුට පවසා ඇත. ඔහු ලංකාවේ සිටින දින 10 ඇුතුළත දින තුන හා හතර වශයෙන් වර්ග කොට පුහුණු වැඩසහන් පැවැත්වීමට නියමිතය.
පසුගිය ලෝක කුසලාන තරගද ඇතුළුව නිමාවූ නවසීලන්ත තරගාවලියත් ඊට පෙර පැවැති තරගාවලීන් හිදීත් ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ පන්දු රැකීමේ ගැටළු පැවැති බවත් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ගේ හැකියාවන් ගිලිහීමට එයද බාධාවක් වූ බවත් කී‍්‍රඩා විචාරකයෝ පැවසූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.