Last Update  :  2025-11-04 15:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ මොරටුව සෙබස්තියන්ට ජය ගෙනෙති

පන්දු යවන්නෝ මොරටුව සෙබස්තියන්ට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පානදුර ශාන්ත ජෝන්ස් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන්ස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සසික පෙරේරා කඩුලු 4 ක්ද ජනිෂ්ක පෙරේරා කඩුලු 3 ක් සහ නදීර ප්‍රනාන්දු කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා.ජෝන්ස් විදුහල - ඕවර 22 කදී සියලුදෙනා දැවී 82
(ගයාන් දිල්ෂාන් 20, චානක මනුප්‍රිය 22, සසික පෙරේරා 15/4, ජනිෂ්ක පෙරේරා 41/3, නදීර ප්‍රනාන්දු 08/2)

ශා.සෙබස්තියන් විදුහල - ඕවර 16.1 කදී කඩුලු 4 ක් දැවී 86
(සවිඳු රොඩිගූ 22, ජනිෂ්ක පෙරේරා නොදැවී 20)

 

 


අදහස් (0)

පන්දු යවන්නෝ මොරටුව සෙබස්තියන්ට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.