ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයේදී පන්දු යවන්නන්ගේ කාලය කා දැමීම පිළිබඳව තරග නිලධාරීහු මහත් කණස්සල්ලෙන් පසුවෙති. තරගයේදී ඇතිවන කාලය කා දැමීම් හෝ අසෝබන හැසිරීම් සම්බන්ධයෙන් දෙපිලේ කළමණාකරුවන්ට දැන්වීම තරගය සඳහා පත්කර සිටින තීරකවරයාගේ වගකීමයි.
දෙපිලේම පන්දු යැවීම ඉතාමත් මන්දගාමී වූ අතර පළමු දිනයේ පන්දු යැවූ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල නියමිත ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 10 ක් අඩුවෙන් යවා තිබිණ. දෙවැනි දිනයේදී දෙපිලම ඕවර 19 ක් අඩුවෙන් යැවූ අතර තුන්වැනි දිනයේ තරගය පැවැති විනාඩි 247 තුළදී ඕවර 63 ක් යැවිය යුතු වූ නමුත් පාකිස්තානු ‘ඒ’ පන්දු යවන්නන් විසින් යවන ලද්දේ ඕවර 50 ක් පමණි.
මේ අතරවාරයේදී පාකිස්තානු කී‍්‍රඩකයෝද වරින් වර සිය කෝපය ප‍්‍රදර්ශනය කරමින් අසෝබන ලෙස හැසිරෙනු දක්නා ලදි.
ඡායාරූපය - තුසිත් විජේදෝරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.