Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දුව පළුදු කිරීම වසං කළාද ?

පන්දුව පළුදු කිරීම වසං කළාද ?

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් තරගයේ සිවුවැනි දිනයේදී නියමිත  ඕවර සංඛ්‍යාව අවසන් වීමට පෙර වෙනත් පන්දුවක් ලබා ගැනීමට විනිසුරුවරු පියවර ගත්හ.

පන්දුව පළුදු වී තිබීම නිසා අදාළ පන්දුව මාරු කළ බව බලධාරීන් කීවද අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ පන්දුව පඵදු කළේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් විනිසුරුවරුන් පන්දුව මාරු කළ බවයි. එසේ වුවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කළහොත් ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පවතින කි‍්‍රකට් සම්බන්ධතාවන්ට හානියක් වේ යැයි යන සිතිවිල්ල නිසා මෙම සිදුවීම යටගැසීමට කි‍්‍රකට් නිලධාරීන් උත්සාහ කරන බවද දැනගන්නට තිබේ.

කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඇති අයෙක් පැවසුවේ සිසිල් බීම බෝතල් මූඩියක් වැනි යමකින් පන්දුව සූරා ඇති බවයි.  

වේග පන්දු යවන කී‍්‍රඩක ෂශාඞ් අසාම් සිවුවැනි  ඕවරය යැවීමෙන් අනතුරුව පස්වැනි ඕවරය යැවීමට මීර් හම්සා සූදානම් වනවාත් සමගම විනසුරුවෝ පන්දුව පරීක්‍ෂා කළහ. විනිසුවරුවන් පන්දුව පරීක්‍ෂා කිරීමෙන් පසුව පාකිස්තානු පිලේ නායක ෆාවාඞ් අලාම් කැදවා පන්දුව මාරු කිරීමට පියවර ගත්හ. එහිදී පන්දුව සැළකිය යුතු ලෙස පඵදු වී තිබුණු අතර මෙම සිද්ධිය හේතුවෙන් පෙරවරු 10.15 සිට 10.21 දක්වා විනාඩි 6 ක් පමණ තරගය අත්හිටුවීමට සිදුවිය.

මෙම තරගයේ විනිසුරුවන් ලෙස ප‍්‍රගීත් රඹුක්වැල්ල සහ දීපාල් ගුණවර්ධන යන මහත්වරු කටයුතු කළහ. රංජිත් මදුරුසිංහ මහතා තරග තීරක ලෙස කටයුතු කළේය.

 


අදහස් (0)

පන්දුව පළුදු කිරීම වසං කළාද ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.