ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (23) පැවැති දිනයේ දෙවැනි තරගයේදී කිංග්ස් XI, පන්ජාබ් පිල ලකුණු 16 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කරමින් 10 වැනි ජය ලැබීය.
මෙම ජයග‍්‍රහණයත් සමග පන්ජාබ් පිල තරග 13 කින් 10 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 20 ක් හිමිකර ගනිමින් තරගයක් ඉතිරිව තිබියදී මූලික වටයේ පළමු ස්ථාන තහවුරු කර ගත්තේය.
මෙම තරගය රාජස්ථාන් පිලට වඩාත් තීරණාත්මක වූ අතර රාජස්ථාන් පිල මෙම තරගය ජය ලැබුවේ නම් තරගයක් ඉතිරිව තිබියදී අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණි.
මෙම පරාජයත් සමග අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලබන සිවුවැනි කණ්ඩායම තීරණය වීම අවසන් තරගය දක්වා පසු පසට තල්ලූ විය.
පන්ජාබ් (20), චෙන්නායි (16) සහ කොල්කටා (16) අවසන් සිවුදෙනාගේ වටයට මේ වන විටත් සුදුසුකම් ලබා සිටියි. කෙසේ වෙතත් දෙවැනි සහ තෙවැනි ස්ථාන මේ දක්වා ස්ථිර වී නොමැත.
රාජස්ථාන් පිල ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වන අතර මුම්බායි සහ හයිද්‍රාබාද් ප‍්‍රසාද ලකුණු 12 බැගින් ලබා පස්වැනි සහ හයවැනි ස්ථානවල පසුවෙයි. සියලූම කණ්ඩායමවලට තරගය බැගින් ඉතිරිව තිබේ.
බැංගලෝර් (10) සහ දිල්ලි (04) යන කණ්ඩායම් වන විට තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ. ජයග‍්‍රහණය සදහා ලකුණු 180 ක ඉලක්කය හඹාගිය රාජස්ථාන් පිලට ඕවර 20 දී කඩුලූ 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් පිල වෙනුවෙන් ෂෝන් මාෂ් පන්දු 35 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස් කළේය. පන්ජාබ් පිලේ ප‍්‍රවේගකාරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගයේදී විවේක ගන්වා තිබේ.
කාසියේ වාසිය ලැබූ රාජස්ථාන් පිලේ නායක ෂේන් වොට්සන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
කිංග්ස් XI, පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 179 (විරේන්ද්‍ර සෙවැග් 18, මානන් වෝරා 25, ෂෝන් මාෂ් 40, රිදීමන් සාහා 27, ඬේවිඞ් මිලර් නොදැවී 29, ජෝජ් බේලි නොදැවී 26)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 163 (අජින්යා රහනේ 23, සංජු සැම්සන් 30, බ‍්‍රැඞ් හොජ් 31, ජේම්ස් ෆේක්නර් නොදැවී 35, රිෂී දාවන් 25/2, අක්ෂර් පටෙල් 24/3, කරන්වර් සිං 16/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.