Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පනස් දෙවැනි සහෝදරයින්ගේ සටන

පනස් දෙවැනි සහෝදරයින්ගේ සටන

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 52 වැනි වරට පැවැත්වෙන සහෝදරයන්ගේ සටන ක‍්‍රිකට්  තරගය මේ මස 27 , 28 දෙදින කොළඹ එස්. සී. සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති තරග උතරින් තර්ස්ටන් විද්‍යාලය පූර්ණ ජයග‍්‍රහණ පහක් වැර්තා කර ඇති අතර ඉසිපතන විද්‍යාලය පූර්ණ ජයග‍්‍රහණ හතරක් වැර්තා කර ඇත. එක් තරගයක් ක‍්‍රීඩා කිරීමට නොහැකි වී ඇති අතර තරග 43 ක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.

මහා ක‍්‍රිකට් තරගයෙන් අනතුරුව පැවැත්වෙන විස්සයි 20 තරගය මාර්තු මස 07 වැනිදා තර්ස්ටන් විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගය මෙවර පැවැත්වෙන්නේ 08 වැනි වරටය.

මීට පෙර පැවැති තරග අතුරින් තරග හතරක් තර්ස්ටන් විද්‍යාලය ජයගෙන ඇති අතර තරග තුනක් ඉසිපතන විද්‍යාලය ජයගෙන ඇත.

ඊට අමතරව 35 වැනි වරට පැවැත්වෙන එක් දින තරගය මාර්තු මස 15 වැනිදා පී. සරා ඔිවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි තරග වලින් තරග තර්ස්ටන් විද්‍යාලය තරග 17 ක ජය තහවුරු කරගෙන ඇති අතර ඉසිපතන විද්‍යාලය ජයගැනීමට හැකිවී ඇත්තේ තරග 16 ක් පමණි. එක් තරගයක් වැසඳුමකින් තොරව අවසන් වී ඇත.

චමීර දිසානායක ඉසිපතන කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන අතර ප‍්‍රදීප් නිශාන්ත මහතා එහි ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කරයි.

තිමිර ජයසිංහ තර්ස්ටන් කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන අතර සමන් හේවාවිතාරණ මහතා එහි ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.


අදහස් (0)

පනස් දෙවැනි සහෝදරයින්ගේ සටන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.