ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (05 වැනිදා) පැවති තරගයකදී වරාය අධිකාරි පිල පරදවා කඩුලූ 5 කින් ජය ගැනීමට එන්.සී.සී පිල සමත්විය. මෙම තරගය කෝල්ටිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එන්.සී.සී පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට වරාය අධිකාරි පිලට ආරාධනා කළ අතර ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 194 ක් පමණි. තරිඳු කෞශාල්, සොහාන් බොරලැස්ස සහ චමින්ද විදානපතිරණ කඩුලූ 3 බැගින් ලබා ගැනීමට සමත් වූහ.
ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී පිල ඕවර 40 කදී කඩුලූ 5 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. නිරෝෂන් දික්වැල්ල (87* සහ ඇන්ජලෝ පෙරේරා (නොදැවී 66) අර්ධ ශතක ලබා ගනිමින් තම පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
වරාය අධිකාරිය ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 194
(මහේල උඩවත්ත 37, ඉසුරු උදාන 34, ගයාශාන් වීරසේකර 34, තරිඳු කෞශාල් 16/3, සොහාන් බොරලැස්ස 44/3, චමින්ද විදානපතිරණ 45/3)
එන්.සී.සී ඕවර 40 කදී කඩුලූ 5 ක් දැවී 195
(නිරෝෂන් දික්වැල්ල 87, ඇන්ජලෝ පෙරේරා නොදැවී 66, චමින්ද බණ්ඩාර 34/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.