අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ ගණේමුල්ල ජයකොඩි මහ විදුහල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී පිතිතෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ නාලන්දා මැදි විදුහලේ මහිඳු මලිත් ලකුණු 63 ක් රැස්කරමින් ලකුණු 23 කට කඩුලු 5 ක්ද දවාගත්තේය.
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 6 ක් දැවී 189
(මහිඳු මලිත් 63, සචිරු හස්නල 61, කසුන් අකලංක 45/2)
ජයකොඩි මහ විදුහල් පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 60
(මහිඳු මලිත් 23/5, නඳුන් කල්හාර 14/4)
ජයකොඩි මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 5 කදී කිසිවකු නොදැවී 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.