Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා ආදි සිසු කි‍්‍රකට් තරග 1 දා

නාලන්දා ආදි සිසු කි‍්‍රකට් තරග 1 දා

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමය සංවිධානය කරන සය සාමාජික කි‍්‍රකට් තරගාවලියක් ජූනි මස 1 වැනිදා පෙරවරු 8.30 සිට වෙස්ලි විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

‘නාලන්දා කි‍්‍රකට් සැණකෙළිය 2014’ ලෙස හැදින්වෙන මෙම තරගාවලිය සඳහා නාලන්දා විදුහලේ ඉගෙනුම ලැබූ සහ දැනට ඉගෙනුම ලබන ශිෂ්‍යන්ට පමණක් සහභාගී විය හැකිය. තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වන කණ්ඩායම් 1 වැනිදා පෙරවරු 8.30 ට පෙර දුරකතන අංක 0715-950201 අංකය ඔස්සේ ජයනාත් සේරම් මහතා ඇමතීමෙන් හෝ දුරකතන අංක 0712-776776 ඔස්සේ ගිහාන් විජේතුංග මහතා අමතා ඒ සඳහා ලියාපදිංචි විය යුතුය.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 20,000 ක ත්‍යාගයක් සහ අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 15,000 ක ත්‍යාගයක් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

036


අදහස් (0)

නාලන්දා ආදි සිසු කි‍්‍රකට් තරග 1 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.