Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි සිට..)
ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් සමුගත් දිනයේදී දුරකනයට පණිවිඩයක් යොමු කරමින් තමා ධෛර්‍යමත් කිරීමට පියවර ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි පමණක් බව විරාට් කෝලි පැවසීය. තවත් බොහෝ ක්‍රීඩකයන් සතුව තමාගේ දුරකතන අංකය තිබුණද, ඔවුන් කිසිවකුගෙන් එම මොහොතේ තමාට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් නොපැමිණි බවද එහිදී ඔහු වැඩිදුරත් කියා සිටියේය.
අසාර්ථක වූ විටදී නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීම සඳහා ධෛර්‍යමත් කිරීමට ඉදිරිපත් වූයේ කවුරුන්දැයි යනුවෙන් මාධ්‍යවේදියකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් කෝලි ඒ බව සඳහන් කළේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී පාකිස්ථානයට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.
“රූපවාහිණියට ඇවිත් අදහස් දක්වන අය නම් හුඟක් ඉන්නවා. ඒත් මගේ දුරකතන අංකය තියෙන වෙන කිසිම කෙනෙකුගෙන් මට කෙටි පණිවිඩයක්වත් අවෙ නෑ. අපි අතරෙ තියෙන සම්බන්ධය අව්‍යාජ නම් එහෙම වෙන්න බැහැනෙ. සම්බන්ධයක් අව්‍යජ නම් එකිනෙකා ආරක්ෂා කරගන්න ඕන. අපි අපිට අවංක වෙන්න ඕන. ඒත් මෙතනදි වෙන්නෙ වෙන දෙයක්.”
“මට කියන් පුළුවන් එක දෙයයි. මට කෙනෙකුට දෙයක් කියන්න තියෙනවා නම් මම ඒක එයාට පෞද්ගලිකව කතා කරලා කියනවා. මොකද ප්‍රශ්නෙකදි කෙනෙකුට උදව් කරන්න අවශ්‍ය නම්, ඒකට අදාල විසඳුම මුලු ලෝකෙටම ඇහෙන්න කියන එක තේරුමක් නැති වැඩක්. මට නම් එහෙම කියන දේවල්වල කිසිම වටිනාකමක් නෑ.”
“මොකද මගෙ වරදක් හදාගන්න මං වෙනුවෙන් කියන දෙයක් නම් ඕන කෙනෙකුට කෙලින්ම මට කතා කරන්න පුළුවන් වෙන්න ඕන. මෙහෙම කරන්න එපා. මෙහෙම කරන්න කියලා. මම මගේ ජීවිතය හරිම අවංක විදියට ගතකරන කෙනෙක්. මං කියන්නේ නෑ අතින් අය කියන දේවල් මට වැඩක් නෑ කියලා. ඒත් ඒ දෙවල් වලින් මම හිතට ගන්නෙ මට හරියි කියලා හිතෙන දේවල් විතරයි.” යැයිද කෝලි පැවසීය.
තමාට තමා ගැන සෘණාත්මක හැඟීමක් දැනෙනා විටදී අඩියක් පසුපසට තබා කෙටි විවේකයක් ලබාගැනීම ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටද යහපත් බව කෝලි සඳහන් කර සිටියේය. දිගින් දිගටම පිතිකරුවකු ලෙස ආසාර්ථක වීමෙන් පසු මාසයක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව පවුලේ උදවිය සමග කල්ගත කළ කෝලි, යළිත් කණ්ඩායමට එක් වූයේ මෙවර ආසියානු කුසලාන තරගාවලියේදීය. එහිදී මේ දක්වා ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 35, නොදැවී 59 ක් සහ 60 ක් ලෙසිනි.
“මාසයක් විතර යනකන් මට පිත්ත අල්ලන්න ලැබෙන එකක් නෑ කියලා මම කවදාවත් හිතුවෙ නෑ. ඒත් විවේකයක් ලබාගැනීම අත්‍යවශ්‍යයි කියන තැනට පත්වුණාට පස්සේ මට ඒ දේ කරන්න සිදුවුණා. මාසෙකට විතර පස්සෙ නැවත පිත්ත අතට ගත්තාම මට හිතුණා ඇයි මම ආයෙ ක්‍රීඩා කරන්න පටන් ගත්තෙ කියලා.”
“ලෝකය මාව දකින විදියට, ක්‍රීඩාංගණයට එනකොට මගේ නම කියලා කෑගහනකොට මට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා. ඒත් වඩාත්ම වැදගත් දෙය තමයි මම ලකුණු අතර ඉන්න එක. මොකෙද මම ලකුණු අතර නැත්නම් ඒකෙන් කණ්ඩායමට හොඳක් වෙන්නෙත් නෑ, මට හොඳක් වෙන්නෙත් නෑ. ප්‍රශ්න වලින් පැනලා යන්න කියලා මම කියන්‍නෙ නෑ. ඒත් හැම දෙයක්ම බලාපොරොත්තු නොවන විදියට සිද්ද වෙනවා නම් විවේකයක් ගන්න එක නරක දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ.” යැයි කෝලි සඳහන් කළේය.
පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ජයග්‍රහණයට ලකුණු 31 ක් පසුපසින් සිටියදී පාකිස්ථාන ක්‍රීඩක අසීෆ් අලී ලබාදුන් පහසු උඩ පන්දුවක් ෂෝට් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි අර්ෂ්දීප් සිං අතින් ගිළිහී ගියේය. ඉන් අනතුරව හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 8 කින් ලකුණු 16 ක් රැස්කරමින් පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම ගෙන ගියේය. අතීත සිදුවීමක්ද ඈදාගෙන එම සිදුවීම සම්බන්ධයෙන් කෝලි මෙසේ පැවසීය.
“ලොකු පීඩනයක් යටතේ ක්‍රීඩා කරනකොට කා අතිනුත් වැරදි සිදුවෙනවා. මේක ලොකු තරගයක්. අවස්ථාවත් හුඟක් තීණාත්මකයි. ඒ නිසා තරගයෙන් පසුව අපි හැමොම එයාට (අර්ෂ්දීප්ට) කතා කරලා එයාගෙ හිත හැදුවා. මට අද වගේ මතකයි මම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරපු පළමු එක්දින තරගය. ඒක ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තරගයක්.”
“ලොකු ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් ඉන්නකොට සහීඩ් අෆ්රිඩිගේ පන්දුවකට මම හුඟක් සවුත්තු පාරක් ගහලා දැවී ගියා. එදා කාමරේට ගිහින් මම පහුවෙනිදා පාන්දර 5 විතර වෙනකන් සිවිලිම දිහා බලාගෙන කල්පනා කළා. මට නින්ද ගියෙත් නෑ එදා. මට හිතුනෙ අයෙ කවදාවත් මට ඉන්දියාවට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ කියලා. ඒත් පහුවෙනිදා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ ඇවිත් මාත් එක්ක කතා කරලා මගේ හිත හැදුවා.”
“දැන් ඉතින් ඒ වගේ දේවල් අපිට හරිම සාමාන්‍යයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඇවිත් නවක ක්‍රීඩකයන්ව දිරිමත් කරනකොට නැවත නැවත එයාල අතින් වැරදි වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ වගේ වැරදි වලින් එයාලා අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඊළඟ පාර ඒ වගේ දෙයක් වෙන එක වළක්වා ගන්න එයාලා පුරුදු වෙනවා.” යැයිද කෝලි කියා සිටියේය.
එම තරගය කෝලිගේ 7 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වූ අතර ඉන් පෙර ඔහු ක්‍රීඩා කර තිබූ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරග 6 කට පමණි.
පාකිස්තානයට එරෙහිව ලකුණු 303 ක ඉලක්කයක් හඹා යමින් සිටියදී සීමා රේඛාවෙන් ඉදිරියට පැන ලෝන් ඕෆ් කළාපයට ඉහළින් පහරක් ගැසීමට යෑමේදී උමාර් ගුල් අතට උඩ පන්දුවක් දෙමින් කෝලි දැවී ගියේය. මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දැරූ එම තරගයේදී ඉන්දීය කණ්ඩායම පාකිස්තානය හමුවේ ලකුණු 54 ක පරාජයක් ලැබීය.
dasun Tuesday, 06 September 2022 09:12 AM
ඇතුලේ කචල් වගේ...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.