Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවෝද් පන්දු 116 කදී ලකුණු 175 යි

නවෝද් පන්දු 116 කදී ලකුණු 175 යි

ශනුක අරවින්ද - 2017 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර ශාන්ත සර්වේශස්  විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද  විදුහල සමත්විය. මෙම තරගය ගාල්ල මහින්ද විදුහල්  ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
 
මෙම තරගයේදී මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන හයේ පහර 7 ක් සමග 4 පහර 24 ක් ඇතුළත් කරමින් පන්දු 116 කදී ලකුණු 175 ලබා ගැනීමට සමත් විය. නවෝද් පරණවිතාන දෙවන ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 19 කදී  හයේ පහර 5 ක් සමගින් තවත් ලකුණු 56 ක් ලබා ගැනීමටද සමත්වූයේය.

කුෂාන් ධනුෂ්ක ලකුණු 13කට කඩුලු 4 ක් ලබාගැනිමින් තරගයේ කැපී පෙනුන පන්දු යවන්නා විය.
 
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 3ක් දැවී 247
(නවෝද් පරණවිතාන 175, සදෙව් ඉඳුවර 36)
 
සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 21.2 කදී සියලුදෙනා  දැවී 63
(රිතික් අනුරාධ 30,කුෂන් මදුශ 13/4, නවෝද් පරණවිතාන 12/2, සිතිර හේලිත 17/2)
 
මහින්ද විදුහල දෙවෙනි ඉනිම- ඕවර 4.1 කදී කඩුලු 2ක් දැවී 56
(නවෝද් පරණවිතාන 56)
 
සර්වේශස් විදුහල දෙවන ඉනිම - ඕවර 31කදි කඩුලු 5ක් දැවී ලකුණු 76

(ෂෙහාන් දිල්හාර නොදැවී 22, හිරුන් අංජන 19, කුෂන් මදුශ 26/2)


අදහස් (0)

නවෝද් පන්දු 116 කදී ලකුණු 175 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.