අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 102 ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණදුන් මහින්ද විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 82 ක් පමණි.
නවීන් විදානපතිරණ (නොදැවී 80) සහ හසිත සමරසිංහ (64) රාජකීය විදුහල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.
ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 47 කට කඩුලූ 7 ක්ද, හරිත් සමරසිංහ ලකුණු 26 කට කඩුලූ 6 ක්ද, දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 26.2 කදී සියලූ දෙනා දැවී 53
(පසිඳු දිල්ෂාන් 10, ලසිත් ඇඹුල්දෙණිය 22/4, හිමේෂ් රාමණායක 20/3, හරිත් සමරසිංහ 6/2)
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 39 කදී කඩුල්ලක් දැවී 155
(නවීන් විදානපතිරණ නොදැවී 80, හසිත සමරසිංහ 64)
මහින්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලූ දෙනා දැවී 82
(හරිත් සමරසිංහ 20/4, ලසිත් ඇඹුල්දෙණිය 25/3, හිමේෂ් රාමණායක 12/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.