බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඩොමිනිකාහි වින්ඞ්සර් පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඩක්වත් ලූවිස් ක‍්‍රමයට අනුව ලකුණු 12 ජයක් ලැබූ නවසීලන්ත පිල, තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.
වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක් ඕවර 18 කට සීමාවූ අතර ජයග‍්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිල නැවතත් වර්ෂාව ඇද හැලෙන විට ඕවර 15 කදී ලකුණු 117 ක් රැස්කරගෙන සිටියේය.
ඩක්වත් ලූවිස් ක‍්‍රමයට අනුව නවසීලන්තයට තරගය ජය ගැනීම සඳහා ඕවර 15 ක් අවසානයේ රැස්කරගත යුතුව තිබුණේ ලකුණු 106 ක් පමණි. ඒ අනුව කොදෙව් පිල පරදවා ලකුණු 12 ජයක් හිමිකර ගැනීමට ඔවුන් සමත්විය.
නායක බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක් රැස්කළ අතර රොස් ටේලර් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන ගියේය.
කොදෙව් නායක ඩැරන් සැමී ලකුණු 22 කට කඩුලූ 3 දවාගත්තත් තම කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීීමට එම දස්කම ප‍්‍රමාණවත් නොවීය. කාසියේ වාසිය දිනූ බ්‍රෙන්ඩන් මැකලම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල නියමිත ඕවර 18 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 132 ක් රැස්කළේය.
එහිදී වේගවත් ඉනික් කී‍්‍රඩා කළ ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර් පන්දු 39 කදී ලකුණු 52 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහරක්ද සමගිනි.
ඩැරන් බ‍්‍රාවෝ (30) සමග එක්වූ ෆ්ලෙචර්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. ඔවුන් දෙදෙනා හැරුණු කොට අන් කිසිදු කොදෙව් පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසුකර යෑමට නවසීලන්ත පන්දුයවන්නන් ඉඩ නොදුන්හ. ටිම් සව්ති, ටේරන්ට් බෝල්ට් සහ කෝරි ඇන්ඩර්ස් කඩුලූ 3 බැගින් දවාගනිමින් කොදෙව් පිල දැඩි පීඩනයක් එල්ල කළහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 18 කදී කඩුලූ 8 කට 132
(ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර් 52, ඩැරන් බ‍්‍රාවෝ 30, කිරන් පොලාඞ් 16, ටිම් සව්ති 20/2, ටේරන්ට් බෝල්ට් 28/2, කෝරි ඇන්ඩර්ස් 32/2)
නවසීලන්ත පිල - ඕවර 17 කදී කඩුලූ 4 ක් දැවී 117
(කේන් විලියම්සන් 19, බ්‍රෙන්ඩන් මැකලම් 40, රොස් ටේලර් නොදැවී 28, කෝරි ඇන්ඩසන් 15, ඩැරන් සැමී 22/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.