Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත පළමු ඉනිම ලකුණු 293 කට සීමාවෙයි

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 293 කට සීමාවෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බාබඩෝස්හි කෙන්සිංටන්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල කිසිවකු නොදැවී ලකුණු 32 ක් ලබාසිටියේය.

පළමු දිනය නිමාවන විට කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කි‍්‍රස් ගේල් ලකුණු 18 සහ ක්‍රෙග් බ‍්‍රැත්වයිට් ලකුණු 11 බැගින් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියලූ දෙනා දැවී ලකුණු 293 ක් ලබාගත් අතර නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේම්ස් නීෂම් ලකුණු එහිදී ලකුණු 78 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.

ලකුණු 93 කට කඩුලූ 5 ක් දවාගත් සුලීමන් බෙන් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ලකුණු 61 කට කඩුලූ 4 ක් දවාගත් කේමර් රෝච් ඒ සඳහා ඔහුට අනගි සහයක් දුන්නේය.

නවසීලන්ත පිල පළමු ඉනිම ඕවර 78.2 කදී සියලූ දෙනා දැවී 293
(කේන් විලියම්සන් 43, රොස් ටේලර් 45, බ්‍රෙන්ඩන් මැකලම් 31, ජේම්ස් නීෂම් 78, මාර්ක් කේ‍්‍රං නොදැවී 46, සුලීමන් බෙන් 93/5, කේමර් රෝච් 61/4)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 9 කදී කිසිවකු  නොදැවී 32
(කි‍්‍රස් ගේල් නොදැවී 18, ක්‍රෙග් බ‍්‍රැත්වයිට් නොදැවී 11)

036


අදහස් (0)

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 293 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.