බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බාබඩෝස්හි කෙන්සිග්ංටන් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 53 ජයක් ලැබූ නවසීලන්ත පිල, තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගැනීමට සමත්විය.
නවසීලන්ත පිලේ කේන් විලියම්සන් අවසන් තරගයෙ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන 2 ම තමන් සතු කරගත්තේය.
තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ ඊයේ (30 වැනිදා) තරගය ජයගැනීම සඳහා ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 254 ක් පමණි.
කොදෙව් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ජේසන් හෝල්ඩර් ලකුණු 52 ක් රැස්කළ අතර ටේරන්ට් බෝල්ට්, ටිම් සව්ති සහ මාර්ක් කේ‍්‍රන් කඩුලූ 3 බැගින් දවාලමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
ලකුණු 24 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත පිල වෙනුවෙන් අගනා ඉනිමක් කී‍්‍රඩා කළ කේන් විලියම්සන් නොදැවී ලකුණු 161 ක් රැස්කළේ හතරේ පහර 22 ක් සමගිනි.
ජේම්ස් නීෂම් (51) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩ නැගූ කේන් විලියම්සන්, පස්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව බෙන් වෙට්ලින් (ලකුණු 29) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ කේමර් රෝච් ලකුණු 55 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කි‍්‍රස් ගේල් (42) සහ ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (68) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පන්දු 116 කින් වාර්තා වූ බ‍්‍රැත්වයිට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් අන්තර්ගත විය. කර්ක් එඞ්වඞ් ලකුණු 58 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 293 ක් ලබාගත්තේය.
එහිදී නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේම්ස් නීෂම් ලකුණු 78 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.
ලකුණු 93 කට කඩුලූ 5 ක් දවාගත් සුලෙයිමන් බෙන් නවසීලන්ත පළමු ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ලකුණු 61 කට කඩුලූ 4 ක් දවාගත් කේමර් රෝච් ඒ සඳහා ඔහුට අනගි සහයක් දුන්නේය.
නවසීලන්ත පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලූ දෙනා දැවී 293
(කේන් විලියම්සන් 43, රොස් ටේලර් 45, බ්‍රෙන්ඩන් මැකලම් 31, ජේම්ස් නීෂම් 78, මාර්ක් කේ‍්‍රං නොදැවී 46, සුලීමන් බෙන් 93/5, කේමර් රෝච් 61/4)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - ඕවර 97.1 කදී සියලූ දෙනා දැවී 317
(කි‍්‍රස් ගේල් 42, ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 68, කර්ක් එඞ්වඞ්ස් 58, ඩැරන් බ‍්‍රාවෝ 24, ඩිනේෂ් රැම්ඩින් 45, ජේම්ස් හෝල්ඩර් 38, නීල් වෝග්නර් 64/4, ටේරන්ට් බෝල්ට් 71/2, ජේම්ස් නීෂම් 12/2)
නවසීලන්ත දෙවැනි ඉනිම - ඕවර 89.1 කදී කඩුලූ 7 ක් දැවී 331
(කේන් විලියම්සන් නොදැවී 161, බ්‍රෙන්ඩන් මැකලම් 25, ජේම්ස් නීෂම් 51, බෙන් වෙට්ලින් 29, කේමර් රෝච් 55/4, ජේසන් හෝල්ඩර් 26/2)
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - ඕවර 82.2 කදී දෙනා දැවී 257
(ශිව්නරේන් චන්ද්‍රපෝල් 25, ඞ්වේන් බ‍්‍රාවෝ 40, ඩිනේෂ් රැම්ඩින් 29, ජේසන් හෝල්ඩර් 52, ෂේන් ශීලිංෆෝඞ් නොදැවී 30, ටිම් සව්ති 28/3, ටේරන්ට් බෝල්ට් 48/3, මාර්ක් කේ‍්‍රන් 84/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.