Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය ඉනිමකින් එංගලන්තය පරාජය කරයි

නවසීලන්තය ඉනිමකින් එංගලන්තය පරාජය කරයි

editorial - 2019 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (25 වැනිදා) සමත් විය. ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 262 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 197 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නීල් වැග්නර් ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ අතර නවසීලන්ත දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මිචෙල් සෑන්ට්නර් ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳදැමුවේය.

සිවුවැනි දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කර ගැනීමට හැකි වූයේ ලකුණු 142 ක් පමණි.

ලකුණු 138 කට කඩුලු 8 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සෑම් කරන් (නොදැවි 29) සහ ජොෆ්රා ආචර් (30) සමත් වූහ.

නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ මැතිව් හෙන්රි අතට උඩ පන්දුවක් දෙමින් ආචර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාවද නිමාවට පත් විය. ඉන් අනතරුව පිටියට පිවිසි ස්ටුවට් බ්‍රෝඞ්, මුහුණදුන් පළමු පන්දුවේදීම දැවී ගියේ වැග්නගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. කරන්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර ආචර්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 353
(රොරී බර්න්ස් 52, ඩොම් සිබ්ලි 22, ජෝ ඩෙන්ලි 74, බෙන් ස්ටෝක්ස් 91, ඔලී පොප් 29, ජොස් බට්ලර් 43, ටිම් සවුති 88/4, නීල් වැග්නර් 90/3, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 41/2)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 615
(කේන් විලියම්සන් 51, රොස් ටේලර් 25, හෙන්රි නිකොල්ස් 41, බී.ජේ. වොට්ලින් 205, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 65, මිචෙල් සෑන්ටර් 126, සෑම් කරන් 119/3, බෙන් ස්ටෝක්ස් 74/2, ජැක් ලීච් 153/2)

එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 197
(රොරී බර්න්ස් 31, ජෝ ඩෙන්ලි 35, බෙන් ස්ටෝක්ස් 28, සෑම් කරන් නොදැවී 29, ජොෆ්රා ආචර් 30, නීල් වැග්නර් 44/5, මිචෙල් සෑන්ටර් 53/3)


-036

 


අදහස් (0)

නවසීලන්තය ඉනිමකින් එංගලන්තය පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.