Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයට ලකුණු 52 ක ජයක්

නවසීලන්තයට ලකුණු 52 ක ජයක්

editorial - 2021 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ අජාස් පටේල්, බංග්ලාදේශ ක්‍රීඩක මෙහෙදි හසන් දවාගත් මොහොත....

 

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඩකා නුවර ශ්‍රේ බංග්ලා‍ ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 52 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. තෙවැනි තරගයේ ජය නවසීලන්තය සතු වුවද, මුල් තරග 2 ජය ගැනීමට සමත් වූ බංග්ලාදේශය මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 76 ක් පමණි. එහිදී අජාස් පතෙල් ලකුණු 16 කට කඩුලු 4 ක්ද, කෝල් මැකොන්චි ලකුණු 15 කට කඩුලු 3 ක්ද දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

 කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 128 ක් රැස්කළේය. එහිදී හෙන්රි නිකොල්ස් (නොදැවී 36) සහ ටොම් බ්ලන්ඩල් (නොදැවී 30) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ‍.

පන්දු 29 කට මුහුණදුන් නිකොල්ස් හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 30 කදී වාර්තා වූ බ්ලන්ඩල්ගේ ඉනිමටෙ හතරේ පහර 3 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු රචින් රවින්ද්‍ර හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද, විල් යංග් හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද රැස්කිරීමට සමත් වූහ.‍


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 128
(ෆින් ඇලන් 15, රචින් රවින්ද්‍ර 20, විල් යංග් 20, හෙන්රි නිකෝල්ස් නොදැවී 36, ටොම් බ්ලන්ඩල් නොදැවී 30, මොහොමඩ් ශයිෆුඩීන් 28/2)

බංග්ලාදේශය - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 76
(ලිටන් දාස් 15, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 20, අජාස් පටේල් 16/4, කෝල් මැකොන්චි 15/3)

 

 

නවසීලන්තයේ කෝල් මැකොන්චි (දකුණේ) කඩුල්ලක් දවාගනිමින්...


- 036


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 52 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.