Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයට කඩුලු 6 ක ජයක්

නවසීලන්තයට කඩුලු 6 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාටින් ගප්ටිල් (116) සහ කේන් විලියම්සන්ගේ (88) පිතිහරඹය හමුවේ බර්මින්හැම්හිදී ඊයේ (30 වැනිදා) පැවැති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය. ජයග්‍රහණය සදහා ලකුණු 357 ක ඉලක්කයක් හඹාගිය නවසිලන්ත ක්‍රීඩකයෝ පන්දු 23 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.


මෙම තරගයේදී පන්දු යවන්නන් හත් දෙනෙකු යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග කටයුතු කළද, ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලාගැනීමට නොහැකි විය. එහිදී ඕවර 10 ක් යවමින් ලකුණු 63 කට කඩුලු දෙකක් දවාගැනීමට සීකුගේ ප්‍රසන්න සමත් වුවද, සෙසු පන්දු යවන්නෝ කඩුලු දවාගැනීමට අපොහොසත් වූහ. පුහුණු තරග දෙකේදීම ලකුණු 300 සීමාව පසුකිරීමට පිතිකරුවන් සමත් වුවද එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂාකර ගැනීමට පන්දු යවන්නන්ට නොහැකි වූහ.

 

ශ්‍රී ලංකාව
නිරෝෂන් දික්වැල්ල - ඇ. මැක්ලෙනගන් ප.  සවුති 25
උපුල් තරංග - ඇ. මිලන් ප. මැක්ලෙනගන් 110
කුසල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා 57
දිනේෂ් චන්දිමාල් - ප.  ඩී’ග්‍රැන්ඩොම් 55
තිසර පෙරේරා -  ඇ. ලැතම් ප. මිල්නේ 10
කුසල් පෙරේරා - ඇ. ලැතම් ප. සවුති 38
සීකුගේ ප්‍රසන්න - ඇ. බෲම් ප. බෝල්ට් 23
නුවන් කුලසේකර - ඇ. ටේලර් ප. බෝල්ට් 4
චාමර කපුගෙදර - නොදැවී 15
අතිරේක (බ-2, පා-5, ව-11, නි-1) 19
එකතුව ඕවර 50 කදී කඩුලු  8 ක් දැවී     356
කඩුලු වැටීම 
1-65 (දික්වැල්ල), 2-163 (මෙන්ඩිස්), 3-212 (තරංග), 4-237 (තිසර පෙරේරා), 5-305 (කුසල් පෙරේරා), 6-309 (චන්දිමාල්), 7-318 (කුලසේකර), 8-356 (ප්‍රසන්න)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
අසේල ගුණරත්න,ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්.
පන්දු යැවීම
ට්‍රෙන්ට් බෝල්ට් 5-0-47-2 ව-2
ඇඩම් මිලන් 8-0-48-1 ව-1
ටිම් සවුති 8-0-48-2 ව-5
මිචෙල් මැක්ලෙනගන් 7-0-54-1 ව-1
කොරී ඇන්ඩර්සන් 7-0-39-0 ව-2
මිචෙල් සැන්ටර් 6-0-34-0  
ජීතන් පතෙල් 6-0-48-0  
ජේම්ස් නීශාම් 1-0-15-0  
කොලින් ඩී’ග්‍රැන්ඩොම් 2-0-16-1 නි-1
නවසීලන්තය
මාටින් ගප්ටිල් - පිටියෙන් ඉවත්වුනා 116
ටොම් ලැතම් - ක.මු.කළා ප. ප්‍රසන්න 44
කේන් විලියම්සන් - පිටියෙන් ඉවත්වුනා 88
රොස් ටේලර් - ඇ. තරංග ප. ප්‍රසන්න 11
නීල් බෲම් - නොදැවී  37
කොරී ඇන්ඩර්සන් - නොදැවී 50
අතිරේක (බ-3, පා-3, ව-6, නි-1) 13
එකතුව ඕවර 46.1 කදී කඩුලු  4 ක් දැවී     359
කඩුලු වැටීම 
1-78 (ලැතම්), 2-235 (ගප්ටිල්), 3-263 (විලියම්සන්), 4-275 (ටේලර්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ඇඩම් මිල්නේ, කොලින් ඩී’ග්‍රැන්ඩොම්, ජීතන් පතෙල්, ජේම්ස් නීශාම්, ලුක් රොන්චි,  මිචෙල් මැක්ලෙනගන්, මිචෙල් සැන්ටර්, ටිම් සෞති, ට්‍රෙන්ට් බෝල්ට්.
පන්දු යැවීම
නුවන් කුලසේකර 5-0-36-0  
සුරංග ලක්මාල් 7.1-0-62-0 ව-1, නි-1
නුවන් ප්‍රදීප් 6-0-37-0  
සීකුගේ ප්‍රසන්න  10-0-63-2 ව-1
තිසර පෙරේරා  7-0-42-0 ව-1
ලක්ෂාන් සඳකැන් 9-0-80-0 ව-2
චාමර කපුගෙදර 2-0-33-0  

පස්වැනි කඩුල්ල සදහා පන්දු 64 කදී ලකුණු 84 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත් වූ කොරී ඇන්ඩර්සන් (නොදැවී 50) සහ නීල් බෲම් (නොදැවී 37) නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ. පන්දු 36 කදී වාර්තා වූ කොරී ඇන්ඩර්සන්ගේ අර්ධ ශතකයට හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය.


පන්දු 76 කදී හයේ පහර පහක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 116 ක් රැස්කළ මාටින් ගප්ටිල් සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීම සඳහා අවස්ථාව ලබා දෙමින් සිය ඉනිම අවසන් කරමින් පිටියෙන් ඉවත් විය. අනතුරුව ගප්ටිල්ව අනුගමනය කරමින් නායක කේන් විලියම්සන්ද ලකුණු 88 ක් ලබා සිටියදී සිය ඉනිම අවසන් කරමින් පිටියෙන් ඉවත් විය. කේන් විලියම්සන් පිටියෙන් ඉවත්වන විට පන්දු 60 කට මුහුණදී සිටි අතර හයේ පහර හතරක් සහ හතරේ පහර හතක් ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබිණ.


ටොම් ලෙතම් (44) සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 80 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් පැවැත් වූ මාටින් ගප්ටිල්, දෙවැනි කඩුල්ල සදහා කේන් විලියම්සන් සමගින් පන්දු 94 කදී ලකුණු 157 ක සම්බන්ධතාවයක් පැවැත්විය.


පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 356 ක් රැස්කිරීමට සමත් විය. පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 55 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් පස්වැනි කඩුල්ල සදහා කුසල් පෙරේරා සමගින් පන්දු 46 කදී ලකුණු 68 ක සම්බන්දතාවයක්ද ගොඩනැගීමට සමත් විය.


උපුල් තරංග නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් මිචෙල් මැක්ලෙනගන්ගේ පන්දුවක් හමුවේ ඇඩම් මිලන් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විටදී ලකුණු 110 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 104 කට මුහුණදුන් තරංගගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 13 ක් ඇතුළත්විය. පන්දු 55 කදී අර්ධ ශතකය වාර්තා කළ උපුල් තරංග පන්දු 94 කදී ශතකය වාර්තා කිරීමට සමත්විය.


නායක උපුල් තරංග සමගින් දෙවැනි කඩුල්ල සදහා පන්දු 94 කදී ලකුණු 98 ක සම්බන්ධතාවයක් ගොඩනැගු කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවන විටදී පන්දු 50 කදී ලකුණු 57 ක් රැස්කර සිටියේය. කුසල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර හතක් ඇතුළත්වූ අතර අර්ධ ශතකය පන්දු 43 කදී වාර්තා කිරීමට ඔහු සමත්විය.


ආරම්භක පිතිකරුවන්වූ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග වේගවත් ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ල සදහා පන්දු 49 කදී ලකුණු 65 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපුල් තරංගට හිමිවී ඇත.


අදහස් (0)

නවසීලන්තයට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.