Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාලෝක විදුහලට මුල් ඉනිමේ ජයක්

ධර්මාලෝක විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ පන්නල ජාතික පාසල අතර සඳලංකා මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී ධර්මාලෝක විදුහලේ පසිඳු බොතේජු හයේ පහර 8 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 138 ක් රැස්කළ අතර කවිඳු මල්ෂාන් ඉනිම් දෙකේදීම ලකුණු 65 කට කඩුලු 8 ක් දවාගත්තේය.

 
ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 8 ක් දැවී 268
(පසිඳු බොතේජු 138, දිනෙත් තාරක 25, කවිඳු මල්ෂාන් 24, රුසිරු රන්දුනු 19, අනිත නිලුමින්ද නොදැවී 19, සහන් සංදීප නොදැවී 19, එම්. කේ. සිංහපුර 43/3)

පන්නල ජාතික පාසල පළමු ඉනිම - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 72
(එස්. කේ. ප්‍රභාෂ්වර 19, එම්. එන්. දිල්හාර 17, කවිඳු මල්ෂාන් 27/5, රුසිරු රන්දුනු 34/3)

පන්නල ජාතික පාසල දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලු 6 ක් දැවී 132
(එස්. කේ. ප්‍රභාෂ්වර 65, ඩබ්ලිව්. කේ. සිංහපුර 39, කවිඳු මල්ෂාන් 38/3)

 

- 036


අදහස් (0)

ධර්මාලෝක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.