කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති 25 වැනි වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ධර්මාලෝක විදුහල ලකුණු 45 ක ජයක් ලැබීය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ධර්මාලෝක විදුහල් කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලූ 7 ට ලකුණු 273 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ගුරුකුල විදුහල් කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 228 කි.
රිසිත් උපමල් ගේ (114) ශතකයත්, මාධව කවිඳු ගේ (49/4) දක්ෂ පන්දු යැවීමත් නිසා ධර්මාලෝකයේ ජයග‍්‍රාහී මාවත විවර විය. ධර්මාලෝක විදුහල මෙම ජයත් සමගින් මෙතෙක් දෙවිදුහල් වාර්ෂික එක්දින තරගයන්ගෙන් ගුරුකුල විදුහල ලබා සිටි තරග 12 ක ජයග‍්‍රාහණ සම කළේය.
පසුගියදා නිමා වු දෙවිදුහල්’හි මහ ක‍්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් කණ්ඩායම කඩුලූ 5 ක ජයක් ලැබීය. ජයමාල් වන්නිආරච්චි, ගුරුකුල විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ද, තරිඳු මධුෂංක, ධර්මාලෝක විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළහ.
කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විදුහල ඕවර 50 කදී කඩුලූ 7 ට 273
(රිසිත් උපමල් 114, හිමල්ක ඉදුරංග 48, තරිඳු තාරක 49/3)
කැලණිය ගුරුකුල විද්‍යාලය ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 228
(මලිඳු විදුරංග 60, උදාර රවිදු 31, පැතුම් රුසාර 42, දුමින්ද සුදාරක 30, මාධව කවිඳු 49/4, මධුෂංක ද සිල්වා 39/2)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.