Last Update  :  2026-03-15 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනංජයගෙන් (204) ද්විත්ව ශතකයක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ධනංජයගෙන් (204) ද්විත්ව ශතකයක්

editorial - 2026 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ද්විතව ශතකයක් වාර්තා කිරීමට සී.සී.සී. කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා (204) සමත් විය. 

මෙම තරගය සී.සී.සී. කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් අත්කර දෙමින් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. තරගය නිමාවට පත්වන විට ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් සිටි බී.ආර්.සී. කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 532 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමග ලකුණු 204 ක් රැස්කිරීමට සමත් විය.  

දුල්නිත් සිගේරා (81) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ධනංජය, ඉන් නොනැවතී අංජල බණ්ඩාර (නොදැවී 151) සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 282 ක්ද එක්කරමින් සිය කණ්ඩායම ලකුණු 500 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. අංජලගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 16 කින්ද, දුල්නිත්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින්ද සමන්විත විය.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී.ආර්.සී. කණ්ඩායම ලකුණු 243 කට සීමා කිරීමට නිෂාන් පීරිස් ප්‍රමුඛ සී.සී.සී. පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ නිෂාන් ලකුණු 66 කට කඩුලු 6 ක් දවාගත් අතර විශ්ව ප්‍රනාන්දු සහ සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් බිඳහෙළීමින් නිෂාන්ට අනගි සහායක් ලබා දුන්හ.  


සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 532   
(දුල්නිත් සිගේරා 81, ලසිත් කෲස්පුල්ලේ 37, ධනංජය ද සිල්වා 204, අංජල බණ්ඩාර නොදැවී 151, මර්වින් අභිනාෂ් 118/3, යසිරු රොද්‍රිගූ 69/2) 

බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 243 
(රිසිත් උපමාල් 35, රමින්ද විජේසූරිය 35, යසිරු රොද්‍රිගූ 59, මර්වින් අභිනාෂ් 55, නිෂාන් පීරිස් 66/6, විශ්ව ප්‍රනාන්දු 36/2, සොනාල් දිනූෂ 52/2) 

බී.ආර්.සී. දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 65
(ගජිත කොටුවෙගෙදර 34) 


අදහස් (0)

ධනංජයගෙන් (204) ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.