වයස 19 පහළ අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර පැවැත්වෙන තරගයකදී රත්ගම දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායක දිල්ෂාන් කාංචන නොදැවී ලකුණු 293 ක් රැස්කිරීමට අද (23 වැනිදා) සමත් විය.
පන්දු 293 ක් තුළ වාර්ථාවූ කාංචනගේ මෙම ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 43 ක් ඇතුළත්විය. මෙම තරගය අද සහ හෙට රත්ගම මහජන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
කාංචනගේ මෙම ද්විත්ව ශතකය නිසා දේවපතිරාජ කණ්ඩායම අද දිනය නිමාවන විට ඕවර 99 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 456 ක් ලබාසිටියේය.
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 456
(දිල්ෂාන් කාංචන නෙදැවී 293, රමිඳු නිකේෂල 48, චතුර ලක්ෂාන් 36, උදේෂ් මධුරංග 26, නිමේෂ් චතුරංග නෙදැවී 10, සහන් වික‍්‍රමරත්න 55/3, ප‍්‍රභාත් දුලංජන 68/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.