කිසිදු අපහසුතාවකින් තොරව ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව පසුකර ගිය එංගලන්ත ‘ඒ’ කී‍්‍රඩකයෝ රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 291 ක් ලබා සිටියහ.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ මුල් ඉනිම ලකුණු 289 කට සීමා වූ හෙයින් තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබියදී මුල් ඉනිමේ වාසිය අතට ගත් එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිමේ කඩුලූ 6 ක්ම තමන් අත ඉතිරි කරගත්හ.
මේ වන විටත් තරගාවලියේ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටින එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම ඉදිරියට ගෙන ගිය ආරම්භක පිතිකරු සෑම් රොබ්සන් (142) සහ ජේම්ස් ටේලර් (නොදැවී 99) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 197 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
එංගලන්ත ‘ඒ’ ඉනිම ආරම්භ කර යැවුණු සිව්වැනි ඕවරයේදීම ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් දවාගැනීමට ළහිරු ගමගේ සමත් වූ නමුත් කලකට ඉහතදී ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ සංගම් කී‍්‍රඩා සමාජය නියෝජනය කළ වරූන් චොප්රා සහ රොබ්සන් එක්ව ලකුණු සංඛ්‍යාව 86 දක්වා ඉහළ දැමූහ.
චොප්රා දැවී යාමෙන් පසුව එක්වූ ජේම්ස් ටේලර් සහ සෑම් රොබ්සන් දෙදෙනා ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ට සිත්සේ පහර දෙමින් කඩුලූ 8 ක් ඉතිරිව තිබියදීම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ලකුණු සීමාවට ආසන්න වූහ. එහෙත් පිට පිටම යැවුණු ඕවර දෙකකදී සෑම් රොබ්සන් සහ ඔලී රේනාර් දවාගැනීමට තරිඳු කෞෂාල් සමත් වූ හෙයින් එංගලන්ත ‘ඒ’ පිල හමුවේ තිබූ වාසිය තරමක් අඩුවිය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම සියලු දෙනා දැවී 289
(දිමුත් කරුණාරත්න 37, මාධව වර්ණපුර 34, භානුක රාජපක්‍ෂ 68, රොෂේන් සිල්වා 73, චතුරංග ද සිල්වා 20, තරිඳු කෞෂාල් 31, ග‍්‍රැහැම් ඔනියන්ස් 24/4, ලියාම් ප්ලන්කට් 37/2, ස්කොට් බෝර්ත්වික් 61/2)
එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) - පළමු ඉනිම කඩුලූ 4 ට 291
(ඇලෙක්ස් ලීස් 11, සෑම් රොබ්සන් 142, වරූන් චොප්රා 28, ජේම්ස් ටේලර් නොදැවී 99, ළහිරු ගමගේ 59/2, තරිඳු කෞෂාල් 53/2)
ඡයාරූප : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.