Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දොන් බොස්කෝ - මාතර ඉදිරියට එති

දොන් බොස්කෝ - මාතර ඉදිරියට එති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාගිල්ස් ෆුඞ්සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරග 2 කින් ජය වාර්තා කිරීමට දොන් බොස්කෝ සහ මාතර කී‍්‍රඩා සමාජ සමත්වූහ.

එහිදී නිව් ස්ටාර් කී‍්‍රඩා සමාජය සමග පැවති තරගය ගෝල 3 - 2 ක් ලෙස ජය ගැනීමට දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය සමත් වූ අතර අතර පොලිස් කණ්ඩායම සමග පැවති තරගය ගෝල 2 - 1 ක් ලෙස ජය ගැනීමට මාතර කී‍්‍රඩා සමාජය සමත් විය.

නිව් ස්ටාර් කී‍්‍රඩා සමාජය සහ දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය අතර පැවති තරගය නියමිත වේලාව අවසන් වනවිට 2 - 2 ක් ලෙස සම තත්ත්වයේ පැවතීම නිසා එහි ජයග‍්‍රාහකයා දඩුවම් පහර මගින් තීරණය විය.

දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය වෙනුවෙන් එච්. ඒ. එන්. ජනිත් සහ ඩබ්. ඒ. පි‍්‍රයංකර ගෝල වාර්තා කළ අතර නිව් ස්ටාර් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් එම්. ඒ. එම්. රිම්සාන් සහ එම්. එස්. එම්. සෆ්රාස් ගෝල වාර්තා කළහ.

036


අදහස් (0)

දොන් බොස්කෝ - මාතර ඉදිරියට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.