අන්තර පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මාතර රාහුල විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය දේවපතිරාජ විදුහල තරගය නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය.
රාහුල විදුහල් පළමු ඉනිමේදී ප‍්‍රසන්න කරුණාවංශ ලකුණු 30 කඩුලූ 5 ක් දවාගනිමින්ද, දේවපතිරාජ විදුහල් පළමු ඉනිමේදී හසිඳු සංකල්ප ලකුණු 30 කඩුලූ 5 ක් දවාගනිමින්ද, පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රාහුල විදුහල - පළමු ඉනිම ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 84
(තිලක් කුමාර 31, ප‍්‍රසන්න කරුණාවංශ 30/5, උමේෂ් කසුන් 9/3)
දේවපතිරාජ විදුහල - පළමු ඉනිම ඕවර 50 කදී සියලූ දෙනා දැවී 114
(නිලංක රුක්ෂිත 34, හසිඳු සංකල්ප 30/5, දිනුක මධුෂාන් 11/3, කළණ හසරංග 9/2)
රාහුල විදුහල - දෙවැනි ඉනිම ඕවර 58.1 කදී කඩුලූ 8 ක් දැවී 173
(කළණ හසරංග 34, තිලක් කුමාර 28, සසිත් දිල්රංග 23, යසිරු හෙවනඳුගල 21, දිල්ෂාන් සමීර නොදැවී 20, රවීන් යසස් 19/3, ප‍්‍රසන්න කරුණාවංශ 42/2)
දේවපතිරාජ විදුහල - දෙවැනි ඉනිම ඕවර 31 කදී කඩුලූ 4 ක් දැවී 84
(රමිඳු නිකේෂල 36, තිසර දිල්ෂාන් 16, රවීන් යසස් නොදැවී 14, කළණ හසරංග 8/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.